BREAKING NEWS
Search

පාවහන් තෝරාගන්න ඉස්සෙල්ලා මේ ගැනත් හිතුවද?

394

කෙතරම් ලස්සන ඇදුම්, ආභරණ ඇඳ පැළඳ සිටියත් වැරදි පාවහන් පැළඳීම නිසා ඔබේ ලස්සන සම්පූර්ණයෙන් ම නැති වී යා හැකියි. ඇතැම් විට පාවහන් මිළදී ගැනීමේදී ඔබ සලකා බලන කරුණු නිවැරදි නොවිය හැකියි. පාවහන් මිළදී ගැනීමට පෙර මේ කරුණු පහ පිළිබඳ අවධානය යොමු කළහොත් ඔබටත් ඔබට සුදුසු ම පාවහන් යුගළ තෝරා ගත හැකි වේවි.

01) දෙපාවල ස්වභාවය

දෙපා තරමක් මහත අයෙකු ට ඉතාම සිහින් අඩි සහිත සපත්තු නොගැළපේ. ඒ වෙනුවට තරමක් මහත අඩි සහිත පාවහන් පැළඳීමෙන් ඔවුනගේ පාද සිහින්ව පෙන්වයි.

ඔබට ඇත්තේ සිහින් දෙපා යුගළක් නම් ඔබට වඩාත් ගැළපෙන්නේ වළලුකර දක්වා පටි සහිත පාවහන් ය. එයින් ඔබේ දෙපාවල අනවශ්ය සිහින් බව අඩු කර පෙන්වයි.

ඔබට ඇත්තේ දිගු දෙපා නම් ඔබට ඕනෑම ආකාරයක පාවහන් වර්ගයක් පැළඳිය හැකියි. එහෙත් ඇඟිලි සම්පූර්ණයෙන් ම වැසෙන පාවහන් වලින් වැළකී සිටීම ඔබේ පෙනුම වැඩි කිරීමට හේතු වේ. ඒ හැර අනෙක් ඕනෑම පාවහන් වර්ගයක් පැළඳීමේ හැකියාව ඔබට ඇත.

02) සහභාගිවන අවස්තාව

කාර්යාලයට, විශේෂ රැස්වීමකට, සාදයකට ආදී මේ සෑම තැනට ම එකම ආකාරයේ පාවහන් නොපැළඳිය යුතුයි. ඔබ සහභාගිවන අවස්තාව අනුව, බොහෝ වෙලා සිටගෙන සිටිය යුතු නම්, වැඩි කාලයක් ඇවිදිය යුතු නම් එයට ගැළපෙන පාවහන් තෝරා ගත යුතුය. නැතහොත් ඔබ අපහසුතාවයට පත් විය හැක. විශේෂඥයන් පවසන ආකාරයට 3cm සහ 5cm අතර උසකින් යුතු පාවහන් පැළඳීම වඩා සුදුසු වේ. එයින් සිරුරේ බර තුලනය කර ගත හැකි වේ. එනිසා ඔබට පාවහන් පැළඳ සිටීමට වන කාලය අනුව පාවහන් තෝරා ගන්න.

03) වර්ණය

පාවහන් තේරීමේදී ඔබට ගැළපෙන වර්ණය පිළිබඳව ද සැළකිලිමත් විය යුතුය. මිටි අය සඳහා කළු පාවහන් පැළඳීම එතරම් සුදුසු නැත. එයින් ඔබේ මිටි බව වැඩි කර පෙන්වනු ඇත. එනිසා ඔබේ සිරුරේ ප්රමාණය, වර්ණය මෙන් ම ඔබේ ඇඳුමේ වර්ණයට ද ගැළපෙන පරිදි පාවහන් තෝරා ගැනීම අත්යවශ්ය වේ.

04)ඔබ පළඳින පාවහන්වල හැඩය

ඔබේ පෙනුමට ද තදින් බලපායි. පාවහන්වල කෙළවර සිහින් උල් හැඩයක් ඇත්නම් එයින් ඔබේ දෙපාවල උස වැඩි කර පෙන්වයි. ඔබ මිටි අයෙකු නම් ඔබට මෙවැනි පාවහන් මගින් ඔබේ උස වැඩි කර පෙන්විය හැකියි. එහෙත් ඔබට ඇත්තේ සිහින් දෙපා නම් මෙය ඔබට සුදුසු නැත.

පාවහන් කෙළවර හතරැස් හැඩයක් සහිත පාවහන් මගින් ඔබේ දෙපා තරමක් විශාල කර පෙන්ව යි. එනිසා මෙවැනි පාවහන් වඩාත් ගැළපෙන්නේ සිහින් දෙපා ඇති අයෙකුට. මෙම හතරැස් හැඩැති පාවහන් අනෙක් පාවහන්වලට වඩා සුවපහසු බවින් ද වැඩි වේ.

05) විලාසිතා ගැන සැළකිලිමත් වන්න

පාවහන් තේරීම පිළිබඳ විශේෂඥයින් මොන දේ කීවත් තමන්ගේ විලාසිතාවට ගැළපෙන පහසු පාවහන් යුගළක් තෝරා ගැනීම ඉතාම වැදගත්. සිය ලාලිත්ය වැඩි කර පෙන්වීමට අවශ්ය කෙනෙක් සිහින් අඩි පාවහන් තෝරා ගත හැකියි. එහෙත් විලාසිතා පිළිබඳ එතරම් තැකීමක් නොකරන අයෙක් නම් උසින් අඩු වඩා පහසු සපත්තු යුගළක් තෝරා ගත හැකියි.

මේ සියලු ම කරුණු ගැන සළකිලිමත් වී පාවහන් මිළදී ගතහොත් ඔබට වඩාත් ම සුදුසු පාවහන් තෝරා ගැනීම අසීරු නොවනු ඇත.

Source:goodhousekeeping




Leave a Reply

Your email address will not be published. Required fields are marked *