BREAKING NEWS
Search

කොවිඩ් එන්නත්කරණ කටයුතු කාර්යක්ෂම කිරීට ඩිජිටල් හැඳුනුම්පතක්

161

කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු කාර්ය’ක්ෂම කිරීමේ අරමුණින් ජනතාව සඳහා නව තාක්ෂණයෙන් යුත් ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනය සමඟ එක්ව එම වැඩපිළිවෙල සකස් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එන්නත් කිරීම පිළිබඳ තොරතුරු ඇතුළත් නව ඩිජිටල් හැඳුනුම්පත සඳහා එක් එක් පුද්ගලයින්ට කොවිඩ් එන්නත නිකුත් කළ දිනය, ස්ථානය, එන්නත් වර්ගය සහ දෙවන මාත්‍රාව ලබාදිය යුතු දිනය ආදි තොරතුරු රැසක් අන්තර්ගත කෙරෙන බව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඉදිරි දින කිහිපය තුළ අදාළ ඩිජිටල් හැඳුනුම්පත ජනතාව අතට පත්කිරීමට හැකි වනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Adaderana.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *