පුද්ගලයෙකු පැ හැර ගෙන ගොස් සි ර කර තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම නිදොස් කොට නිදහස් කිරිමට අද (මැයි 7) ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ජී.එස්. නිශ්ශංක මහතා නියෝග කළේ ය.
2009 සැප්තැම්බර් 7 වන දා පුද්ගලයෙකු පැ හැර ගෙන ගොස් අයුතු ලෙස සි රකර තබා ගැනීම ඇතුළු චෝදනා 9 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණු අතර මෙම නඩුවෙහි පැමිණිලි පාර්ශවයට, විත්තිකරුවන්ට එරෙහි සාක්ෂි ඔප්පු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා ඇතුළු පස් දෙනා ම නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය.




















