කොරෝනා රෝගීන් වෙනුවෙන් නෙලුම් පොකුණේ ඇඳන් යොදා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සකස් කරන්නැයි හිටපු සෞඛ්‍ය ඇමැති, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ෙදාස්තර රාජිත සේනාරත්න ඊයෙ (4දා) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
රටපුරා ඇති ශාලා මේ සඳහා යොදාගත හැකි බවත් මෙම අදියර හරියට කළමනාකරණය නොකළහොත් රටේ විශාල හුදෙකලා කිරීම්වලට යායුතුවනු ඇති බවත් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.
ඔහු පැවැසුවේ මේ වනවිට රටේ අත්‍යාවශ්‍ය ඔෟෂධ 40ක හිඟයක් පවතින අතර තවත් ඔෟෂධ 22ක් හෙට අනිද්දා වන විට හිඟ වන බවයි.
මෙම තීරණාත්මක මොහොතෙ ප්‍රාදේශීය මට්ටමින් රෝග පරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවිය යුතු බව පැවැසූ මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට ලංකාවේ තත්ත්වය ඉන්දියාවේ තත්ත්වය අභිභවා යෑමට ඉඩ ඇති බව වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන බවය.


















