නව භාණ්ඩ කිහිපයක් සමගින් සතොස සහන මල්ල ලබා දීමේ දෙවන අදියර හෙට (මැයි 2) සිට ක්‍රියාත්මක බව වෙළඳ අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, එම සහන මල්ල දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් ජාලය හරහා ලබා ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව හිමි වේ.
සතොස සහන මල්ල-2 වැඩසටහනේ පවතින භාණ්ඩ පහත පරිදි වේ.
සම්බා සහල් – 1Kg
නාඩු සහල් -1Kg
පිටි -1Kg
ඔස්ට්‍රේලියන් රතු පරිප්පු – 1Kg
තායි හාල්මැස්සන් – 200g
සුදු සීනි – 1Kg
විෂබීජ නාශක දෑත් සෝදන දියර – 50ml
තේ අලෙවි මණ්ඩලයේ සහතිකය සහිත තේ – 100g
සෝයා – 50g
කෑලි මිරිස් 100g
මේ අතර රුපියල් දහසක මුදලකට මෙම සහන මල්ල ලබා ගන්නා පාරිභෝගිකයන්ට ජාතික කිරි මණ්ඩලයේ නිෂ්පාදනයක් වන හයිලන්ඩ් කිරිපිටි
පැකට් 1ක් වෙළෙඳපොල පවත්නා මිළට වඩා අඩු මිළකට ලබා ගැනීමේ අවස්ථාව සලසා ඇති බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.


















