BREAKING NEWS
Search

ලෝක කම්කරු දිනය අද !

139

ලෝක කම්කරු දිනය අදට (මැයි 1) යෙදී තිබේ.

ලෝකවාසී වැඩ කරන ජනතාව තම වැඩ කිරීමේ අයිතිය සහ එය පැය අටකට සීමා කරගැනීමට කළ උත්සාහය සිහිපත්කොට ලෝක කම්කරු දිනය සමරනු ලබයි.

එය සමරනු වස් පෙළපාලි, ජන රැලි රාශියක් ලොව පුරා සංවිධානය වුව ද පවතිව වසංගත තත්වය හමුවේ ඒ සියල්ල අද වන විට වෙනස් වී ඇත.

1889 වර්ෂයේ ඇමෙරිකාවේ චිකාගෝ නුවරදී ඇරඹුණු කම්කරු විරෝධයක් අතරතුර සිදුවුණු වෙඩි තැබීමක් හේතුවෙන් කම්කරුවන් පිරිසක් මියයෑමේ සිදුවීම මුල් කරගෙන ජාත්‍යන්තර කම්කරු සංවිධානය අද දිනය ලෝක කම්කරු දිනය ලෙස නම් කළේ ය.

වෘත්තීය සමිති ව්‍යාපාර මූලිකව මගින් මෙම සැමරීම සිදුවුවත් පසු කාලීනව දේශපාලන පක්ෂ විසින් දේශපාලන අදහස් මූලික කරගනිමින් මෙම සැමරීම සිදු කිරීම ලොව පුරා දක්නට ලැබුණු ලක්ෂණයකි.

මෙරට මැයි දින සැමරුමක් ප්‍රථම වරට 1893 වර්ෂයේ බිහි කරගන්නා ලද ශ්‍රමික සංවිධානයක් විසින් සිදු කර ඇත. ඉන් ඇරඹි කම්මකරු සැමරීම දශක ගණනාවක් පුරා විවිධ දේශපාලන පක්ෂ හරහා දේශපාලන පොරොන්දු සහ කම්කරු අයිතීන් මත දෝලනය වෙමින් සැමරීම දක්නට ලැබිණි.

කෙසේ වුවත් රටේ සහ ගෝලීය මට්ටමින් උදා වී ඇති මෙම කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දේශපාලන පක්ෂ විසින් සාමූහික රැස්වීම් වැළැක්වීම සදහා මැයි දින පෙළපාලි පැවැත්වීම නවතා දමා ඇති අතර ඇතැම් පක්ෂ මෙම සැමරීම් ඉන්ටර්නෙට් ඔස්සේ සැමරීමට සූදානම්ව සිටියි.

මේ මොහොතේ රට ව්‍යසන තත්වයෙන් ගලවා ගැනීමට උරදෙන වෙද, හෙද ඇතුළු සියලු කම්කරුවන් ද මනුෂ්‍යයන්ය යන්න සිහිපත් කර එම කාර්යයන් හැකි තරම් ආරක්ෂාකාරීව කරමින් රට මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථක වේවා යි අප සැම ලාංකිකයන් වශයෙන් පැතිය යුතුව ඇත.

කාංචනා විජයබණ්ඩාර




Leave a Reply

Your email address will not be published. Required fields are marked *