චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි කොළඹට රථ පෙරහරකින් පැමිණෙන අවස්ථාවේ බොරැල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී මහේස්ත්‍රාත්වරයා රුපියල් 50,000ක ශරීර ඇපයක් මත තරයේ අවවාද කර ඔහුව මුදා හැරීමටයි නියෝග කර ඇත්තේ.
හිරු නිව්ස්



















