BREAKING NEWS
Search

දින කීපයකට සරිලන දෑ රැස්කරගෙන සූදානමින් සිටීම හොඳයි

183

රටේ පවතින වාතාවරණය අනුව කුමන ප්‍රදෙශය ඉදිරියේදී හුදෙකලා කිරීමට සිදුවේදැයි නොදන්නා බවත් හැකි සෑම අවස්ථාවකදීම දින කිහිපයකට සරිලන දේ රැස්කර තබා ගැනීම වැදගත් බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

“රටේ තිබෙන තත්ත්වය හැටියට කොයි ප්‍රදේශය හුදෙකලා කරන්න වෙයිද කියන දේ අපි කවුරුත්ම දන්නේ නෑ. ඒක තීරණය වෙන්නේ හඳුනා ගන්නා රෝගීන් සහ ආශ්‍රිතයින් ප්‍රමාණය අනුවයි.

ඒ නිසා අපි ඕනම දේකට සූදානමින් සිටීම ඉතා වැදගත්. ඒ නිසා මම කියනවා ඔබට හැකි විදිහට හැම වෙලාවකදිම දිනකීපයකට සරිලන දෑ රැස්කරගෙන සූදානමින් සිටීම හොඳයි කියන දේ. අපිට රටේ ජනතාව බොරුවට බියට පත් කරන්නවත් තිබෙන තත්ත්වය සඟවන්නවත් අවශ්‍යය නැහැ.” යැයි යුද හමුදාපතිවරයා කීවේය.

“ඒ වගේම මේ වෙද්දි රාජ්‍ය ආයතනවල ප්‍රධානියාට වගකීම භාර දීලා තියෙනවා සැම ආයතනයකම සේවකයින් උපරිම ධාරිතාවෙන් සේවයට කැඳවන්නේ නැතිව කාර්යාලය තුළ සෞඛ්‍ය නිර්දේශවලට අනුකූළව පත්වාගත හැකි පරිදි සේවකයින් කැඳවන්න කියලා. හමුදාවේ අපි කරන්නේ තුනෙන් එකක් සේවයට කැඳවලා ඉතිරි තුනෙන් දෙක නිවාඩු සහ නිරෝධායනයට යොමු කිරීම”යැයි යුද්ධ හමුදාධිපතිවරයා කීවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *