නුවරඑළිය මහ නගර සභාව මගින් සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව එම මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (අප්‍රේල් 25) දින පැවැත් වූ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සම්බන්ධයෙන් වහා ම පරීක්ෂණයක් පවත්වන ලෙස මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයාට තමන් උපදෙස් ලබාදුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පවසයි.
මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ, අදාළ අවුරුදු උත්සවයට සංචාරකයන් ගෙන්වා ගැනීම අවම කරන ලෙසටත්, ඇතැම් තරග ඉසව් නතර කරන ලෙසටත් නගරාධිපතිවරයාට උපදෙස් ලබා දී තිබියදී එම උපදෙස් වලට පටහැනිව නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපතිවරයා කටයුතු කර ඇති බවය.
නුවරඑළිය ග්‍රෙගරි වැව ඉස්මත්තේ පැවති අවුරුදු උත්සවයට සහභාගි වූ නගර සභාවේ සේවකයන්ට දිවා ආහාරය සමග ම ත්පැන් මිලිලීටර් 175 බෝතලයක් ලබා දී ඇති බවට තමන්ට තොරතුරු ලැබි ඇති බවත් ඒ පිළිබඳව තම අවධානය යොමුවී ඇති බවත් ආණ්ඩුකාරවරයා එහිදී සඳහන් කළේ ය.




















