මේ අවුරුද්දට මට 22යි, නොලැබුණු දේ පසුපස නොයා, අද දවස සතුටින් අවංකව ගත කිරීම අරමුණයි – රූපවාහිනී අවුරුදු කුමරිය කව්මිණි

91

“සැඩ සුළඟ හමන විට – රළ රැලි චණ්ඩ වනවිට, නැවියෝ නොඅලසව මුහුණ දෙති එකාමෙන් විපතට. එකෙන් සුක්කානම ගනියි, තවකෙක් රුවල හකුළයි, තෙවැන්නෙක් දුවගොස් නැව් බඳෙහි දිය ඉවතලයි.”

Advertisement

මෙහෙම කියන්නේ ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ‘ට්‍රෝජන් කාන්තාවෝ’ නාට්‍යයේ ‘හොකබේ’ය. ඇය සමග සිටින අනෙක් කාන්තාවකගේ චරිතය සමඟ සිටින රංගන කලාවට ආ මේ රුවැත්තිය ආධුනික ශිල්පිනියකි. පසුගියදා ජාතික රූපවාහිනියේ (2021) අවුරුදු කුමරිය ලෙස කිරුළ පැලඳියේ ඇයයි. මෙවර සඳැල්ල කවරය හැඩ කරන කව්මිණි තත්සරණි කවුද කියා අපි බලමු.

Advertisement

සම්පුර්ණ නම කියමු?

Advertisement

“කව්මිණි තත්සරණි”

Advertisement

කව්මිණි කියන්න ද? තත්සරණි කියන්න ද?

Advertisement

“තත්සරණි කියලා වැඩි දෙනෙක් කතා කරන්නෙ.”

Advertisement

ගම?

Advertisement

“ගම්පහ දොඹවල.”

Advertisement

ගම ගැන කියන්නකෝ විස්තර?

Advertisement

“ගම්පහ නගරයට කිට්ටු ලස්සන ගමක්. අපේ ඥාති පිරිසක් ඉන්නවා. අස්ගිරි පන්සල තියෙනවා. සුන්දර ගමක්.”

Advertisement

ඒ සුන්දර ගමෙන් ආපු මේ තත්සරණි කවුද?

Advertisement

“මම අධ්‍යාපනය ලැබුවෙ කොළඹ ආනන්ද බාලිකාවෙන්. කලා අංශයට ලැදිව ගත වුණේ. මට අවශ්‍ය වුණේ ව්‍යාපාර අංශයෙන් ඉදිරියට යාම. ඒත් කලාව දිගටම කරගෙන ගියා. කලාවට ආසයි, ආදරෙයි. ඒ අතරේ උසස් පෙළ වාණිජ අංශයෙන් ඉගෙන ගත්තෙ. මේ වනවිට පුද්ගලික සරසවියක උපාධිය හදාරනවා.”

Advertisement

පවුලේ විස්තර?

Advertisement

“අම්මයි, තාත්තයි, අයියයි, නංගිලා දෙන්නයි, මමයි.”

Advertisement

මොන වගේ පවුලක් ද?

Advertisement

“ටිකක් ලොකු පවුලක්. හරි එකමුතුයි. තාත්තා ව්‍යාපාර කටයුතු කරන්නෙ. අම්මා ගෘහණියක්. හොඳ ලස්සන පවුලක්.”

Advertisement

තත්සරණි කිව්වාම මොන වගේ කෙනෙක් ද?

Advertisement

“අහිංසක චරිතයක්. කේන්ති යන්නේ නැති තරම්. හොඳ ගැහැනු ළමයෙක් කියලා හිතනවා. ගැහැනු ළමයකුට තිබිය යුතු, රැකිය යුතු ගුණාංග රැකිය යුතුයි කියලා හිතන කෙනෙක්. අම්මා තාත්තාට හොඳ දියණියක්. අයියාට හොඳ නැගණියක්. නංගිලා දෙන්නා ගොඩක් ආදරේ අක්කා කෙනෙක්. පවුලට ලැදි චරිතයක්.”

Advertisement

වයස කියන්න කැමැති ද?

Advertisement

“මේ අවුරුද්දට 22යි.”

Advertisement

ප්‍රසිද්ධ වේදිකාවට ආවේ කොහොම ද?

Advertisement

“පාසල් නාට්‍ය හරහා ආවේ. සමස්ත ලංකා තරගවලට ඉදිරිපත් වුණා. පාසලේ නාට්‍ය ගුරුතුමියගෙ නම රුක්මාලි විතාරණ. එතුමියගෙ මග පෙන්වීම යටතේ නාට්‍ය තරගවලට සහභාගි වුණා. ඇය මාර්ගයෙන්ම තමයි ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ ‘ට්‍රෝජන් කාන්තාවෝ’ නාට්‍යයට සම්බන්ධ වෙන්න පුළුවන් වුණේ.

Advertisement

ඒකට හේතු වුණේ අපි සමස්ත ලංකා මට්ටමින් පාසල් කාණ්ඩායම ට්‍රෝජන් කාන්තාවෝ කොටසක් රඟදැක්වූවා. ඒ කොටස වෙනුවෙන් රඟපෑ කිහිප දෙනෙක් ධර්මසිරි බණ්ඩාරනායක මහතා තෝරා ගත්තා. මටත් අවස්ථාව ලැබුණෙ ඒ විදියටයි.”

Advertisement

‘ට්‍රෝජන් කාන්තාවෝ’ නාට්‍යයේ රඟපාන්නෙ?

Advertisement

“පීඩාවට පත්වූ ට්‍රෝජන් කාන්තාවක ලෙස.”

Advertisement

ඒ නාට්‍යයේ විතර ද රඟපාන්නෙ?

Advertisement

“ඔව්. ඒත් මේ පවතින තත්ත්වය නිසා අවාසනාවකට ඒකෙත් රඟපාන්න බැරි වෙලා තියෙන්නෙ. මොකද මේ දිනවල කලාවේ බොහෝ දේ නතර වී තිබෙන නිසා.”

Advertisement

ටෙලිනාට්‍යවලට අවස්ථා ලැබුණෙ නැද්ද?

Advertisement

“මට ඇරැයුම් ලැබුණා. ඒත් තවම අවස්ථාව ආවේ නැහැ.”

Advertisement

2021 ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය වීම නිසා ලැබුණු අවස්ථා මොනවා ද?

Advertisement

“නිවේදන කටයුතු සහ ෆොටෝ ෂූට් බොහොමයකට ඇරැයුම් ලැබී තියෙනවා.”

Advertisement

වඩා කැමැති වේදිකාවට ද? ටෙලිනාට්‍යවලට ද? සිනමාවට ද?

Advertisement

“තවම මම ටෙලිවත් සිනමා අත්දැකීමත්වත් ලබා නැහැ. ඒ නිසා ඒ ගැන තවම කියන්න බැහැ. හැබැයි කුඩා කාලයේ ඉඳලා වේදිකාව එක්ක සම්බන්ධ නිසා, වේදිකාවට හරිම කැමැතියි. වේදිකාවෙන් ඉගෙන ගන්න තියෙන දේ බොහෝමයි.”

Advertisement

මේ දක්වා නැරැඹූ වේදිකා නාට්‍ය අතරින් වඩා සිත් ගත් නාට්‍ය මොනවා ද?

Advertisement

“ට්‍රෝජන් කාන්තාවන්ට හරිම කැමැතියි. එහි රඟපෑමට පෙර එය නැරැඹුවාම මට දැනුණෙ එය අතීතයට වගේම වර්තමානයටත්, අනාගතයටත් උචිත නාට්‍යයක් කියලයි. ට්‍රෝජන් කාන්තාවෝ හරහා සමාජයට දෙන පණිවුඩය වන්නේ යුද්ධය එපා කියලයි.”

Advertisement

ට්‍රෝජන් කාන්තාවෝ හැර?

Advertisement

“මනමේ, සිංහබාහු ඇතුළු බොහෝ නාට්‍යවලට කැමැතියි.”

Advertisement

සිහිනයක් තිබුණ ද නාට්‍යයක් නරඹන අවස්ථාවක එම නාට්‍යයේ චරිතය මටත් කරන්න ඇත්නම් කියලා?

Advertisement

“ඔව්. ආසාවක් හීනයක් තිබුණා. මනමේ කුමරිය චරිතයට ආසා කළා. කුවේණි චරිතයට ආසා කළා. පාසලේදී මනමේ කුමරිය කොටසක් රඟපෑමේ අවස්ථාවක් ලැබුණා.”

Advertisement

‘ට්‍රෝජන් කාන්තාවෝ’ හිතට තදින්ම වැදුණු දෙබසක් කියමු?

Advertisement

“මට තියෙන්නෙ සමූහ ගායනය එක්ක රඟපාන්න. එහි ප්‍රධාන චරිතය වන ‘හිකබේ’ චරිතයට මම හරි ආසයි.”

Advertisement

කලාව, ඉගෙනීම හැර තව වෙන මොනවට ද දක්ෂ?

Advertisement

“මගේ ජීවිතය වෙලා තියෙන්නෙ කලාව සහ ජීවිතයයි. ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වීමට හරි ආසයි.”

Advertisement

ගැයුම, නැටුම පුළුවන් ද?

Advertisement

“නර්තනයට කුඩා කාලයේදී සම්බන්ධ වුණා. පසුව එය මගහැරුණෙ නාට්‍යවලට ආ නිසයි. නාට්‍ය හා රංග කලාව කරන කෙනෙකුට ගැයුමේ හැකියාව තිබීම වැදගත්. මටත් යම්කිසි විදියකට එය පිහිටා තියෙනවා.”

Advertisement

කොහොම ද ලස්සන තත්සරණිට ‘ආදරය’ දැනෙන්නෙ?

Advertisement

“හරිම සුන්දර දෙයක්. අම්මා තාත්තාගෙන් තමයි අපිට හොඳම පිවිතුරු ආදරය ලැබෙන්නෙ. මාත් අම්මා තාත්තාට සහ මගේ පවුලට ආදරෙයි. ඒක හරිම සුන්දරයි. දයාව කරුණාව සියල්ල එක්ක ආදරය ගලා යන්නෙ. මම දකින විදියට ආදරය කියලා කියන්නෙ ‘අම්මයි තාත්තයි’ කියන එකටයි.”

Advertisement

පෙම්වතා මොනවා ද කියන්නෙ?

Advertisement

“අනේ තවම එහෙම නැහැ. අවශ්‍ය කාලයට සියල්ල වේවි.”

Advertisement

සිත් ගත් ගීයක් කියමු?

Advertisement

“පුංචි කාලයේ ඉඳලාම අමරසිරි පීරිස් මහතා ගැයූ ‘ඔබ ඇපල් මලක් වාගේ’ ගීතයට හරිම ආසයි. තවත් ගීත බොහෝමයක් තියෙනවා.”

Advertisement

කවුද සිත්ගත් නළු නිළියන්?

Advertisement

“සිංහල සිනමාවේ මාලිනි ෆොන්සේකා මහත්මියට. ඇයගේ චිත්‍රපට බොහෝමයක් නරඹනවා.”

Advertisement

වරමක් ලැබුණොත් ඔබ වඩා කැමැති මොනවා කරන්න ද?

Advertisement

“මට එහෙම ලැබෙන එකක් නැහැ. අමුතුවෙන් වරමක් ඕනෑ නැහැ. මේ කරන කියන දේට මම ආදරය කරනවා. ඒවා අරුත්බර කරගැනීම අරමුණයි.”

Advertisement

කොහොම ද තත්සරණිට ජීවිතය දැනෙන්නෙ?

Advertisement

“පිටතින් සුන්දර දෙයක් විදියට පෙනුනට, ඇතුළත කටු තියෙනවා. දුක්, කම්කටොළු විඳ දරාගෙන ලැබුණු දේට ගරු කරලා, නොලැබුණු දේ පසුපස නොයා, අද දවස සතුටින් අවංකව ගත කිරීම අරමුණයි.”

Advertisement

01.

Advertisement

02.

Advertisement

Advertisement

03.

Advertisement

Advertisement

04.

Advertisement

Advertisement

05.

Advertisement

Advertisement

06.

Advertisement

Advertisement

07.

Advertisement

Advertisement

සටහන/ඡායාරූප – සඳුන් ගමගේ

Advertisement

Source – Saaravita

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *