බෙන්තොට දුම්රිය වේදිකාව….අප්‍රේල් මස ග්‍රිෂ්ම දිනයකි.වහලක් නොමැති දුම්රිය වේදිකාවේ හිරු ගේ දැඩි රෂ්මිය දුම්රිය වේදිකාව මත පතිතවි ඇත.වේදිකාවේ කොනක ඇත්තේ කොට්ටම්බා ගසකි.ඒ ගස යට සිසිල් සෙවන ගෙන දි තිබුනේ කාටත් පරාජය කල නොහැකි හිරු.පරාජය කිරිමෙන් නොව, එකට එක් විමෙන් ජයගත් කොට්ටම්බා ගස විසිනි.
ගස යට.සේවනේ.දුම්රිය වේදිකාව මත.දෙදෙනෙක් වැතිර සිටි. බැලු බැල්මට වයස අවු 40-45 පමන වන හැඩිදැඩි පුද්ගලයෙකු හා වයස අවු 7-8 පමන සිගිති දියනියකි..පෙනුමෙන් යුරොපිය සංචාරකයන් බව වටහා ගැනිමට අපහසු නොවිය..ඔවුන්ට කරදරයක් නොමැත.කතා කිරිම කරදරයක් විය හැක.එම නිසා මා ඔවුන් දෙදෙනා දෙස මදක් ඇතින් බලා සිටියේ ,මේ දසුන මගේ දෙනෙතට හා හදවතට නුහුරු නුපුරුදු ගතියක් ගෙන දුන් නිසාය.
ගාලු යැමට පැමිණියද.මා හට පසුව දැන ගන්නට ලැබුනේ එදින දුම්රිය විනාඩි 20 ක් පමන ප්‍රමාද බවයි.විනාඩි විස්සනේ.ඇති වැඩකුත් නැ..ඔන්න ඔහේ ඉන්නවා…
කාලය කෙමින් කෙමින් ගත විය..දුම්රිය ස්තානයේ ශබ්ද විකාශන යන්ත්‍රය ක්‍රියාත්මක විය “අද දින ප.ව 2.25 ගාල්ල බලා දාවනය විමට නියමිත දුම්රි.තවත් විනාඩි 10 ක් පමන ප්‍රමාද බව කරුණාවෙන් සලකන්න” පිලිවලින් දෙමලෙන් හා ඉංග්‍රීසියෙන් එය විකාශනය වුනි.
මෙය ඇසුන නිදා නොනිදා සිටි සංචාරකයා ඔලුව උස්සා වට පිට බැලිය.මා දුටු ඔහු මද සිනාවකින් මුව සරසා “හායි” කියා අතින් සංඤාවක් කරන ලද්දේ සුහදත්වය පෙන්විමටය.
මාද සුහද සිනාවකින් මුව සරසා ඔවුන් සිටින දිසාවට ගමන් කලා.මා අසලට පැමිණෙන විට නැගි සිටි සංචාරකයා.කතාව ආරම්බ කලා.
“කොහොමද” ?
හොදින් ඉන්නවා…ඔබලාට කොහොමද?
“අපි හොදින්”.සිගිති දියනිය තවමත් බිම වැතිරි.සිටි..ඇය නින්දක…
මේ ඔබගේ දියනියද..?
“ඔව් මේ මගේ එක් දියනියක්”
ඔබට තවත් දරැවන් සිටිද..?
“ඔව්” ” මිට ලොකු වයස අවු 16 ක දියනියක් සිටිනවා” ඇය අම්මත් එක්ක මුහුදේ පිනලා හොටලේ ටිකක් විවේකය ගන්න ඕනේ කිව්වා”
අපි දෙන්නා ගාලු කොටුව බලන්න දුම්රියේ යනවා.”අද දුම්රිය ප්‍රමාදයි නේද..”
ඔව් අද දුම්රිය වෙනදා වගේම ප්‍රමාදයි.සංචාරකයාට එය වැටහුනේ නැත..
“එ කිව්වේ.”…!වෙනදා වගේම කිව්වේ.”..???
මට මොවුන් ලංකාවේ පුරවැසියන් නොවන බව මදකට අමතක වුවා.සමාවෙන්න…ලංකාවේ දුම්රිය සාමාන්‍යයෙන් කොහොමත් පරක්කු වෙනවා….අසාමාන්‍යයෙන් වෙන දේ තමයි වෙලාවට එන එක.
මම සිනා සුනේ ලැජ්ජාවෙනි…මම මටම ලැජ්ජ විය…
මම කතාව වෙනතකට යොමු කරමින් මගේ හිතේ පැවති කුතුහලයට ඔහුගෙන් පිලිතුරැ බලාපොරොත්තු විය.
පරාදින ,වහල්, වැඩවස මානසිකත්වයත් සමග මාගේ හඩ විවර විය.
දැන් ඔය දෙන්නා විතරද ගාලු යන්නේ….?
“ඔව්” “අපි දෙන්නා විතරයි”… “ඇයි එහෙම ඇහුවේ”..?
නැ…එතකොට බිරිදවයි.තරුණ දුවවයි මෙහෙ දාල යන්න ඔයාට බයක් සැකයක් නැද්ද ?
ඔහු සිනා නොවිනි.සිනාව ඉබේම ගියා..
”මොනවට බය වෙන්නද…එගොල්ලො ඉන්නේ හොටලේ නේ…අරක්ෂාව හොදයි…” දෙවනි කාරනය සැකයක් නැද්ද..කියන කරනය.”
“සැකයක් තියෙනවා නම් මම එයත් එක්ක මේ අවු 18 ක් ජිවත් වෙයිද”…? “මම එයාගෙන් අයින් වෙනවානේ”
“අනික වැදගත්ම කාරනය තමයි මම නිදහස අගයන මිනිහෙක්..අපිට අපේ සංස්කෘතිය තුලම එය උගන්නලා තියෙනවා…මටයි චුටි දුව ටයි අද ගාලු කොටුව බලන්න අවශ්‍යයි…බිරිදටයි ලොකු දුවටයි මුහුදේ නාන්න අවශ්‍යයි…ඉතින් අපි එකි නෙකාගේ නිදහසට ගරු කරලා මෙහෙම කලා….
මම යලිත් මගේ පරාදින වැඩවස්ම් මනසත් සමග හඩ විවර කලා.
බිරිදට පොඩි සද්දයක් දම්මා නම් එක්කං යන්න තිබුනා නේ”
“ඔව්,එත් මම ඇයි එහෙම කරන්නේ” ඇයත් මනුෂ්‍ය යෙක්.ඇයටත් ජිවිතේ ආසාවන් අවස්තා තියෙනවා…මම හා මගේ ආසාව වෙනුවෙන් ඇය සම්පුර්ණයෙන් කැපවිය යුතු නැ….මගේ විනොදයට…අැගෙන් බාදවක් නැත්නම්…ඇගේ විනොදයට මගේ බාදවක් තිබිය යුතු නැ…අනිත මගේ විනොදය මගේ මිස… ඇගේ වෙන්නේ නැ…”
“අපි අපේ නිදහස බුක්ති විදිනවා” එකේ ඇත්තේ සිමාවල් කිපයයි”
“මගේ හො ඇගේ නිදහස අපේ පවුලේ දියුනුවට හො පවුලේ අසමගියට බලපැමක් වෙන්න බැ.අපේ නිදහස අපේ ලමයින්ට බලපැමක් ඇති කරන්න බැ.අපේ නිදහස සමාජයට හිරිහැරයක් වෙන්න බැ..” එචචරයි.
මගේ දැස් රතුවිය…එය ලැජ්ජාවටද..සතුටටද,දුකටද මා නොදනි..
මගේ වැඩවසම්..පරාදින… ඊලග ප්‍රශ්නයද මම ඇසුවෙමි…
මේහෙම දුම්රිය වේදිකාවේ පොඩි දුවෙක් එක්ක නිදාා ගන්න ලැජ්ජ නැද්ද ? මම එසේ ඇසුවේ කිසිදිනක අපට කෙතරම් වෙහෙස උවත් අප එසේ නොකරන නිසාවෙනි.
“ඇයි මම එහෙම නිදාගත්තාම මොකක්ද වැරැද්ද ? ඔබ කියන්නේ මම දුම්රිය එනකම් මේ ගිනි අවුවේ දුවවත් කර ගහගෙන ඉන්න ඕනේ කියලද ?.මම මෙතන නිදාගන්න එකෙන් කාටවත් කරදරයක් නැත්නම් මම මොකද එහෙම නොකරන්නේ. අනික මම මොකටද ලැජ්ජා වෙන්නේ…මම හොරකමක් කරනවා නෙමෙයිනේ.මම ටිකක් මේ ගහ යට ඇලවුනා.එකෙන් කාටවත් හානියක් නැ.මමත් දුවත් සතුටින් හිටියා..
”
“මම ජිවිතේ සැම විටම මගේ නිදහස බුක්ති විදිනවා.ඒකට මම ලැජ්ජ වෙන්නේ නැ.මම ලැජ්ජ වෙන්නේ කාගේ හරි නිදහසට බාදා කරනවා නම් හො පොදු දේපල හොරා කනවා නම් විතරයි”
“අන්න මගේ දුම්රිය එනවා.සමාවෙන්න මම ඒකට ගොඩ වෙන්න ඕනේ.හමුවිම හා කතා කිරිම සතුටක්.”…එහෙනම් සමු ගමු….!!!
මම ඔවුන් දෙස බලා සිටින ලදි.මගේ හිතේ තවත් ප්‍රශ්න රාශියකි..
අපි මේ විදිහට දුම්රිය වේදිකාවේ නිදාගත්තොත් මිනිස්සු මොනවා කියයිද ?
ඇත්තටම අපි ලැජ්ජ වෙන්නේ ලැජ්ජ විය යුතු දෙයට නොවේ .ඒ වගේම අපි ලැජ්ජවිය යුතු දෙයට ලැජ්ජ නොවේ.
පොදු දේපල හොරා කන වුන් ලැජ්ජා නොවේ.
මෙය අපට ඇතිකර ඇති මානසිකත්වයයි..සංචාරකයාගේ පෟර්ෂය.නිදහස ගැන ඇති දැක්ම පුලුල්ය.මගේ සංස්කෘතිය තුලින්ද මගේ මේ පෟර්ෂය හා නිදහස තිරනය කර තිබෙන්නේ? මම නොදනිමි !
ජීවක සුසන්ත