BREAKING NEWS
Search

ඇමති ලාල්කාන්තගේ කෝටි 46කට අධික වත්කම් බැරකම් එළියට

8
සියලු‍ දේශපාලන නියෝජිතයින් සෑම වසරකම සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අතර, ඒ අනුව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ද සිය වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා.
එම ප්‍රකාශය පසුගිය වසරේ දෙසැම්බර් 26 වැනි දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇත්තේ 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතට අනුවයි.

එම වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත නිශ්චල දේපළ ලෙස තෑගි ඔප්පුවලින් හිමිවූ රුපියල් මිලියනය 6ක වටිනාකමකින් යුත් වර්ග අඩි 2,500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 10ක ඉඩමක්, රුපියල් ලක්ෂ 25ක වටිනාකමකින් යුත් ස්ථීර ගොඩනැගිල්ලක් සහ පර්චස් 20ක ඉඩමක්, රුපියල් මිලියන 56ක වටිනාකමකින් යුත් වර්ග අඩි 4,500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 14ක ඉඩමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඊට අමතරව පසු උරුමයෙන් හිමිවූ රුපියල් ලක්ෂ 25ක වටිනාකමකින් යුත් වර්ග අඩි 1,500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ වාණිජ ගොඩනැගිල්ලක් සිය නිශ්චල දේපළ ලෙස ප්‍රකාශ කර තිබෙනවා.

ලාල් කාන්ත අමාත්‍යවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව රුපියල් ලක්ෂ 16ක වටිනාකමකින් යුත් පවුම් 8ක රන් ආභරණ සහ රුපියල් මිලියන 3ක විටිනාකමකින් යුත් රන් පවුමක් සහ රුපියල් ලක්ෂ 45ක වටිනාකමකින් යුත් මෝටර් රථයක්ද චංචල දේපළ ලෙස ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, පෞද්ගලික ආයතන 10කට අදාළ රුපියල් තිස් අට කෝටි තිස් නව ලක්ෂ හයදහස් හත්සිය පහයි ශත හතලිහක සුරැකුම් පත්ද ඔහු මිලදී ගෙන තිබෙනවා.

මෙම වත්මක් බැරකම් ප්‍රකාශයට අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත වැටුප් මගින් වාර්ෂිකව උපයන ආදායම ලෙස රුපියල් හත් ලක්ෂ තිස් අටදහස් නවසිය දහ අටයි ශත දහසයක්, දේපළ බදු දීමෙන් ලබන ආදායම ලෙස රුපියල් ලක්ෂ හතරක් සහ විශ්‍රාම වැටුප් ලෙස රුපියල් හත් ලක්ෂ හැත්තෑ එක් දහස් හාරසීයක මුදලක් ද දක්වා තිබෙනවා.

ස්ථාවර තැන්පතු මගින් වාර්ෂිකව උපයන ලද ආදායම ලෙස රුපියල් විසි හත් ලක්ෂ පනස් පන්දහස් අටසිය පනස් එකයි ශත අනූ හතක් ප්‍රකාශ කර ඇති අතර, වර්තමාන රැකියාව ලෙස දක්වමින් වාර්ෂිකව රුපියල් දහ අට ලක්ෂයක්ද දක්වා තිබෙනවා.

මේ අනුව, අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කර ඇති වත්කම්වල මුළු දළ වටිනාකම රුපියල් හතලිස් හය කෝටිය ඉක්මවනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *