BREAKING NEWS
Search

මුඛ ආවරණ කෝ? යැයි ඇසු නගර සභා සේවකයාට හෝටල් සේවකයන්ගෙන් ගු ටි සංග්‍රහයක් (Video)

328

නුවරඑළිය නගරයේ පිහිටි ආපන ශාලාවක සේවකයින් මුඛ ආවරණ නොපැළ සිටීම පිළිබඳව විමසීමක් කළ නුවරඑළිය මහනගර සභාවේ ලිපිකරුවෙකුට එම ආපන ශාලාවේ සේවකයින් විසින් පහ රදී තිබේ.

එස්. ක්‍රිෂ්ණ කුමාර් නැමති 32 හැවිරිදි දෙදරු පියෙකු ද වන ඔහු පහ රකෑමෙන් තුවාල ලබා රෝහල්ගතකර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

ඉකුත් 17 දින රාත්‍රි 8ට පමණ එම සිද්ධිය ඇතිව තිබුණි.

අදාළ ආපන ශාලාවේ සේවිකාවන් මුඛ ආවරණ නොපැළද ආහාර පාන සංචාරකයින්ට ලබාදෙන අවස්ථාවේ එස්. ක්‍රිෂ්ණ කුමාර් මහතා ඒ පිළිබඳව විමසීමක්කර ඇති අතර ඒ් අවස්තාවේ ආපන ශාලාව ඇතුළට පැමිණ බලන ලෙසට ආපන ශාලාවේ අනෙක් සේවකයින් විසින් පවසා ඔහුව ‍ආපන ශාලාව තුළට රැගෙන ගොස් සියලුම සේවකයින් එක් වී පහ රදීම සිදුකර ඇත.

මේ අතර නුවරඑළිය වසන්ත සමයට සමගාමීව පසුගිය දින කිහිපය තුළ දේශීය සංචාරකයන් විශාල පිරිසක් ද නුවරඑළියට පැමිණ සිටියහ‍.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *