මුළු රටක්ම ආදරේ කරන සුන්දර කළා කරුවන් දෙදෙනෙක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ.අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් ඒ වගේම නර්තන ශිල්පිනියක් සහ නිරුපන ශිල්පිනියක් විදිහට සුරූපී දිනක්ෂිව හඳුවන්න පුළුවන්.පුංචි පැංචි වැඩසටහන හරහා කළා ගමන ආරම්භ කරමින් මේ වෙනකොට බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගනිමින් දුගු ගමනක් ඇවිල්ලා තියෙනවා.ඇත්තටම කළා පවුලක ඉපදුන සොඳුරු රංගන ශිල්පිනියක් විදිහට අපිට ඇයව හඳුන්වා දෙන්න පුළුවන්.කලාවට ඉතාමත් ලැදි සහ ඒ වෙනුවෙන් කටයුතු කරන පියෙකුගේ මගපෙන්වීම සහ ආශිර්වාදය මත ඇය මේ වෙනකොට සාර්ථක ගමනක් පැමිණිලා තියනවා.ඉතින් මෙරට දක්ෂ සහ කඩවසම් නළුවෙක් වන සාරංග දිසාසේකර සමග විවාහ ජිවිතයට ඇතුලත් වුන ඇය ජිවත් වෙන්නේ සාරංග සහ සාරංගගේ මවත් සමගයි.පසුගිය දිනවල හිරු නාලිකාවේ විකාශය වෙන හිරු සුපර් ඩාන්සර් කියන සුපිරි වැඩසටහනේ නිවේදිකාව විදිහට දකින්න ලැබුනා.නමුත් ඉතාමත් විශිෂ්ඨ ලෙස කරගෙන ගිය ඒ වැඩසටහන මෙහෙයවීමේ කර්තව්‍ය තුලින් ඇය මේ වෙනකොට ඉවත් වෙලා තියෙනවා.ඒ හැම කෙනෙක්ගෙම තියෙන උතුම් ආශාව නිසා.ඒ උතුම් වූ මව් පදවියට සුදානම් වීම නිසාවෙන් ඒ තීරණය අරගෙන තියෙනවා.නමුත් සමහර අය නම් කියන්නේ අය පසුගිය දවසක රංගනයෙන් දායක වුන ටෝහාන්ගේ මියුසික් වීඩියෝවේ ඇය ගැබිණි කාන්තාවකට පෙනීසිටීම නිසා හැම කෙනෙක්ම ඒ විදිහට හිතනවා කියලා.ඉතින් කොහොම නමුත් උතුම් වූ මව් පදවියට සුදානම් වෙන සුරූපී රංගන ශිල්පිනිය දිනක්ෂි ප්‍රියසාද්ට සහ ඇයගේ ආදරණිය සැමියා වෙන අපේ රටේ හැමෝම හඳුනන දක්ෂ රංගන ශිල්පී සාරංග දිසාසේකරට අපි සුබ පැතුම් එකතු කරන ගමන් නිදුක් නිරෝගී බාවය ප්‍රර්ථනා කරනවා.ඒ වගේම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා.
01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.




















