BREAKING NEWS
Search

මේ දවස්වල හැමෝම කතාවෙන අහිංසක මිනිසුන්ට පිහිටවෙන හසිත විදානආරච්චිගේ සොඳුරු කැදැල්ල

340

මනුස්සකම කියන්නේ මිනිසුන්ට උපතින්ම හිමිවෙන දෙයක්. නමුත් මිනිස්සු උනත් කිසිම මනුස්ස කමක් නැති මිනිස්සුත් ඕනා තරම් ඉන්නවා. හසිත විදානආරච්චි කියන්නේ මේ දවස්වල වැඩිපුරම කියවෙන නමක්. ඔහු ව්‍යාපාරිකයෙක්. ආදරණිය චරිතයක්. උණුවෙන හදවතක් තියෙන නියම මනුස්සයෙක් කිවුවොත් නිවැරදියි. මුළු රටේම අවධානයට ලක්වුන සිදුවීමක් තමයි මහා ගංවතුරේ 22km තමන්ගේ ගර්බනි බිරිදව ඔඅස්වාගෙන පයින්ම රෝහලකට රැගෙන ගිය සැමියාගේ සිදුවීම.

කොතරම් දුප්පත් මිනිස්සු වුනැහැ ඒ මිනිස්සු ආදරයෙන් අපි හැමෝටම වඩා පොහොසත් කියලා මුළු ලෝකෙටම පෙන්නුවා. ඉත්න් මේ යුවල ගැන හැමෝම කතා කරාට පස්සේ ඉතාමත් අසරණ තත්වයේ ඉන්න ඔවුන් ගැන හැමෝම හෙවුවා. ගෙවල් කුලියවත් ගෙවාගන්න බැරිව එදාවේල හරිහම්බකරග්ත්ත මේ යුවල ගොඩක් අසරණ වෙලා හිටියේ.සමාජ මාධ්‍ය හරහා මේ ගැන දැනුවත් කරද්දී බොහෝ දෙනා මේ යුවලට උඅද්වු කරන්න ඉදිරිපත් වුනා. එතනින් ප්‍රධානම චරිතයක් තමයි හසිත විදාන ආරච්චි කියන්නේ. මාතර ප්‍රදේශයේ සිටින ව්‍යාපාරිකයෙක් තමයි ඔහු .

කාර් සෙල් එකක හිමිකරුවෙක් වුනු ඔහුටත් ආදරණිය බිර්දක් සහ ආදරණිය පුතෙකු සිටිනවා. හසිත සහ ෂෙරින් කියන්නෙත් ආදරණිය යුවලක් මොවුන් දේපල තමන්ගේ පුතත් එක්කම මේ අසරණ ගැබිණි මවට සහ සැමියාට උදව් කරන්න ඔවුන්ගේ නිවසට යනවා. ගිහිල්ලා ඔවුන්ගේ නිවාස කුලිය වුන රුපියල් 65000ක මුදල ගෙවල ආහාරපාන ඇදුම් ලැබෙන්න ඉන්න දරුවට අවශ්‍ය දේවල් මේ හැමදේම ලබාදෙනාවා. ඉත්න් එක ලොකු ශක්තියක් වුනා ඒ පවුලට.

තමන්ගේ පුතාවත් ඒ පුනයකර්මයට දායක කරගෙන තිබුනා. පොඩි කලේ ඉදලම දරුවන්ගේ හිත්වලට ගුණ ධර්ම එකතුකරන්න මේ යුවල සමත්ව තිබෙනවා. කෙනෙකුගේ දුකකදී පිහිට වෙන්න පුළුවන් හදවතක් තියන මේ යුවල වගේම ඔවුන්ගේ පුතත් දවසක තමන්ගේ අම්මා තාත්තා වගේම ගුණ යහපත්කම් එක්ක රටට හොද පුරවැසියෙක් වේවි. මේ අවස්ථාව පමණක් නෙම්වෙයි ඔවුන් අහිංසක මිනිසුන් වෙනුවෙන් උපකාර කල අවස්ථාව වෙන්නේ.

මිට පෙරද මෙවැනි පින්කම් රැසක් කර තිබුනා. මේ දේ තමයි සමාජ මාධ්‍යවල ප්‍රසිද්දියට පත්වුණේ. ඉදිරියේදීත් මෙවැනි පින්කම් කරන්න පින් සිත් ඔවුන්ට පහල වේවා කියලා අපි ප්‍රර්ථනා කරනවා. ඒ වගේම හසිත සහ ෂෙරින් කියන මේ යුවලගේ ආදරණිය ෆොටෝ කිහිපයක මේ දවස්වල හුමාරු වෙනවා. ආදරය තියන් තැන කොතරම් සුන්දරද කියන්න ඒ හොද උදාහරණයක්. පවුලක සතුට රැදෙන්නෙම ආදරය තියෙනවනම් විතරයි . හැමෝටම උදවු උපකාර කරන මේ කැදැල්ලත් ඉතාමත් සුන්දරයි.

සමාජ මධ්‍යයේ ඉන්න සමහර වීරයින් මේ පින්කම් කරලා සමාජ මාධ්‍යට දානව කියලා දොස් න්ගලත් තිබුනා. එත් මෙවැනි පංකමක් කරන්න කාටහරි මේ දේවල් දැකලා හිතෙනවනම් එකත් පිනක්ම වෙනවා. දොස් නොකියන දෙයක් අද සමාජයේ නැති තරම්නේ හොද හෝ නරක හෝ මිනිස්සු ඒක විවේචනය කරනවා. ඒ කොහොම වුනත් .

දුප්පත් අසරණ පවුලට ගොඩක් අය උදවු කරලා තිබුනා. ඒ අයටත් අපි හදවතින්ම ස්තුති කරනවා. මේ ආදරණිය යුවල හසිත සහ ෂෙරින් කරපු පින්ක්මටත් වඩා ඔවුන් තිදෙනාගේ ආදරණිය කැදැල්ල සහ ඒ ආදරය ගැන තමයි මේ දවස්වල හැමෝම කතාකරන්නේ. ඉතින් ඔවුන්ගේ සොදුරු කැදැල්ලේ ජායාරූප එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *