BREAKING NEWS
Search

රන් මිල ඉහළට

126

ලෝක වෙළඳපොලේ රන් මිල ඉදිරි මාස කිහිපය තුළ වැඩිවීමේ ප්‍රවණතාවක් අපේක්ෂා කළ හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

ඒ, ගෝලීය උද්ධමනය අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ අගයක් ගැනීම හේතුවෙන්.

උද්ධමනය ඉහළ යෑමත් සමඟ රන් මිලෙහි වර්ධනයක් බොහෝ විට අපේක්ෂා කළ හැකියි.

සති අන්තය වනවිට ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඩොලර් 1876 යි ශත 87ක් ලෙස සටහන් වූයේ සතිය තුළ මිලෙහි අඩුවීමක් සලකුණු කරමින්.

කෙසේ නමුත්, අමෙරිකාවේ වාර්ෂික උද්ධමනය ඉහළ යෑම වසර 13කින් ඉහළම අගය සලකුණු කිරීම නිසා රන් මිල නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂිතයි.

ඒ අනුව නුදුරේදීම රන් අවුන්සයක් ඩොලර් 1950ත්, ඩොලර් 1975 ත් අතර මිලක් දක්වා ඉහළ යා හැකි බව විශ්ලේෂකයින්ගේ අදහසයි.

Source – Hiru News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *