රුපියල් මිලියන 25ක පමණ වටිනාකමකින් යුත් කුෂ් ග්‍රෑම් 2,505ක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු වන අදාළ සැකකරු බැංකොක් සිට කටුනායක බලා පැමිණ තිබේ.
ඔහු ගුවන්තොටුපොළ හරිත මාර්ගය හරහා පිටවීමට තැත්කිරීමේදී ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලදාරීන්ට ඇතිවූ සැකයක් මත පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් මල්ලක් තුල ඉතා සූක්ෂමව අසුරා තිබියදී මෙම කුෂ් තොගය සොයාගැනීමට හැකි විය.
අදාළ කුෂ් තොගය වියළි පලතුරැ පැකට් තුළ ඇති වියළි පලතුරැ ඉවත්කොට, ඉතා සූක්ෂමව අසුරා තිබී ඇත.
සැකකරැ ඡායාරූප ශිල්පියෙකු බව සඳහන්ය.
වැඩිදුර විමර්ශන සඳහා කුෂ් තොගය සමග සැකකරු ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

















