BREAKING NEWS
Search

මැරෙන්න ගිය එකා බිමට වැටී ගහන්න එපා යැයි මරලතෝනි දීලා

63

කොළඹ කොටුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අඩි 20 ක් පමණ උසැති මාර්ග සංඥා කුළුණ මත නැඟ පැයකට අධික කාලයක කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයා ගෙලට දමා ගත් තොණ්ඩුව කැඩි ජම්පින් මෙට්ටය මතට වැටීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිඔට ප්‍රදේශයේ පදිංචි බව කියන වයස අවුරුදු 35 ක පමණ පුද්ගලයෙකි.

සැකකාර පුද්ගලයා ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට කොළඹින් පිටතට වාහන යන පෙදෙසේ මාර්ග සංඥා කුළුණු මත නැග ” බන්ධනයක් තියෙනවා ඒක කපා ගන්නත් ඕනේ” “ජනාධිපතිතුමා හමුවන්නත් ඕනේ” යැයි පවසමින් රැඳී සිට ඇති අතර එම ස්ථානයට පැමිණි කොටුව පොලිසියේ නිලධාරීන් එම පුද්ගලයාට එම ස්ථානයෙන් බහින ලෙස පැවසුවත් ඔහු එය තදින් ප්‍රතික්ෂේප කර තිබූ බව පොලිසිය කියයි.

ඔහු සන්තකයේ ඒ වන විට චීත්තරෙද්දකින් සාදාගත් තොණ්ඩුවක එක කොටසක් මාර්ග සංඥා කුළුණේ උඩ කොටසේ ගැට ගසා තිබී ඇති අතර තමන්ව එම ස්ථානයෙන් බලහත්කාරයෙන් බැස්සවීමට කටයුතු කළොත් තොණ්ඩුව ගෙලට දමාගෙන මිය යන බවත් තර්ජනය කරමින් පැයකට අධික කාලයක් සංඥා කුළුණු මත රැඳී සිටි බව පොලිසිය සඳහන් කරයි.

අනතුරුව කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ දිගු කළ හැකි ඉනිමන් රථයක් සහ ජම්පින් මෙට්ටයක් එම ස්ථානයට ගෙන්වා එම පුද්ගලයා රැඳී සිටි ස්ථානයට පහලින් එම ජම්පින් මෙට්ටය අතුරා ඔහු පහළට ගැනීම සඳහා දිගු කළ හැකි ඉනිමන් රථයේ උඩට එසවීමේදී එම පුද්ගලයා එකවරම අත රැදි තුණ්ඩුව ගෙලට දමාගෙන සංඥා කුළුණෙන් පැනිමත් සමගම තොණ්ඩුව කැඩී ජම්පින් මෙට්ටට මතට වැටුනු බව පොලිසිය කියයි.

එම අවස්ථාවේදී එම පුද්ගලයා “අනේ ගහන්න එපා යැයි පවසමින් මරල තෝනි දෙන්නට වූ බව සිද්ධිය ඇසුණු දුටුවෝ පවසති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *