BREAKING NEWS
Search

අනේ එයාලට තවත් බබෙක් … දීපිකා සහ රන්වීර් ගැන ඇසෙන සුභ ආරංචිය

12
බොලිවුඩ් ජනප්රිය යුවළක් වන දීපිකා පදුකෝන් (Deepika Padukone) සහ රන්වීර් සිං (Ranveer Singh) ඔවුන්ගේ දෙවැනි දරුවා බලාපොරොත්තු වෙමින් සිටින බව මේ වන විට නිවේදනය කර තිබෙන්නේ ඔවුන්ගේ රසිකයින් අතිශය සතුටට පත් කරමිනි.

මෙම සතුටුදායක පුවත සමාජ මාධ්යවල වේගයෙන් ප්රචාරය වෙද්දී රසිකයින්ගේ සුබ පැතුම් වැස්සක් ඔවුන් වෙත ලැබී තිබෙනවා.
ඔවුන් මෙම පුවත Instagram ඔස්සේ බෙදාගත්තේ ඔවුන්ගේ සිඟිති දියණිය දුවා සිං පදුකෝන් (Dua Singh Padukone) විසින් positive pregnancy test Stripe එකක් අල්ලාගෙන සිටින ඡායාරූපයක් පළ කරමිනි.

මෙම නිවේදනයත් සමඟ දීපිකාගේ පැරණි සම්මුඛ සාකච්ඡා නැවත වෛරල් වීමට ද පටන් ගෙන තිබෙනවා.
ඇය ඇගේ පළමු ගර්භනී අවධිය පිළිබඳ අත්දැකීම් බෙදාගනිමින් මීට පෙර පවසා තිබුණේ අවසන් මාසවලදී (8–9 මාස) බොහෝ ශාරීරික හා මානසික අභියෝග වලට ඇය මුහුණ දුන් බවයි.

ඇය දෙවැනි ගර්භණීභාවය පිළිබඳ සුබ ආරංචිය බෙදා ගෙන ඇත්තේ King චිත්රපටයේ ෂාරුක් ඛාන් (Shah Rukh Khan) සහ සුහානා ඛාන් (Suhana Khan) සමඟ රූගත කිරීම් සිදු කරන අතරතුරදීය.

එමෙන්ම ඇය ඉදිරියේ දී අල්ලු අර්ජුන් (Allu Arjun) සමඟ ඇට්ලී (Atlee) විසින් අධ්යක්ෂණය කරන චිත්රපටයකටද එක්වීමට සූදානමින් සිටින බවයි වාර්තා වුණේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *