BREAKING NEWS
Search

දරුවෝ එක්ක මහගෙදර ආපු බිරිඳට වෙච්ච දේ…. බෑණාගේ දරුණු ප්‍රහාරයෙන් නැන්දම්මා අසාධ්‍ය තත්ත්වයට!

240
දොඩංගොඩ පැත්තේ පවුල් ආරවුලක් නිසා ඇතිවුණු භීෂණකාරී සිදුවීමක් ගැන දැන් වාර්තා වෙනවා.

62 හැවිරිදි නැන්දම්මා කෙනෙක් තමන්ගේම බෑණාගෙන් එල්ල වුණු කඩු ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ආරංචිය.

ආරච්චිගොඩ ප්‍රදේශයේ නිවසකට පැමිණි මේ බෑණා, තමන්ගේ නැන්දම්මාට කඩුවකින් පහර දීලා පලා ගිහින්. පහර කෑමට ලක්වුණු කාන්තාවගේ දෙපාවලට වගේම වම් අතටත් බරපතල තුවාල සිදුවෙලා තියෙනවා.

වාර්තා වන විදිහට, සැකකරුගේ බිරිඳ මීට පෙර ඔහු සමඟ පවුල් ආරවුලක් ඇති කරගෙන දරුවන් එක්ක ඇගේ මවගේ (නැන්දම්මාගේ) නිවසට ඇවිත් නැවතිලා ඉඳලා තියෙනවා. මේ ගැන කෝපයෙන් හිටපු බෑණා, මීට පෙරත් කිහිප වතාවක්ම මෙහෙට ඇවිත් තියෙනවා කියලයි පොලිසිය පවසන්නේ.

පසුගිය 16 වැනිදා නිවසට පැමිණි ඔහු, මේ අමානුෂික ප්‍රහාරය එල්ල කරලා තැනින් පලා ගිහින්. දොඩංගොඩ පොලිසිය මේ වන විට සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *