ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බීරූට් අගනුවර සහ දකුණුදිග ලෙබනනය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද දරුණු ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා.
ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මූලික නිල වාර්තා උපුටා දක්වමින් විදේශීය මාධ්‍ය සඳහන් කරන්නේ, මෙම ප්‍රහාරවලින් තවත් පුද්ගලයන් 149 දෙනෙකු පමණ බරපතල තුවාල ලබා ඇති බවයි.
ප්‍රහාරවලින් සිදුවූ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට සැක කෙරෙන අතර, තුවාල ලැබූවන් රෝහල්ගත කර ඇති බවත් සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙනවා.

















