මෙම ජූලි මාසයේ ශ්‍රී ලංකාව කොරෝනා වයිරසයට එරෙහි සිනොවැක් (Sinovac) එන්නත් මාත්‍රා මිලියන 13ක් නිපදවීම ආරම්භ කරන බවත්, එම නිෂ්පාදන ක්‍රියාවලියට අනුව පළමු එන්නත සැප්තැම්බර් මාසය වන විට සූදානම් වන බවත් කොළඹදී පැවැත්වෙන ශ්‍රී ලංකා ආයෝජන සංසදය අමතමින් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ප්‍රකාශ කළේය.
වසංගතයක් පවතින මේ අවස්ථාවේ දී, දේශීය වශයෙන් එන්නත් මිලියන දහතුනක් නිෂ්පාදනය ජූලි මාසයේ ආරම්භ
කිරීමට ආපේක්ෂා කරනවා. මෙම සිනොවැක්ස් එන්නත නිෂ්පාදනය වසංගතය පාලනයට විශාල වශයෙන් උපකාරී
වනු ඇතැයි මම විශ්වාස කරනවා.’’ යැයි ලේකම්වරයා සඳහන් කළේය.
ලේකම්වරයාට අනුව ශ්‍රී ලංකාව වසරකට ඩොලර් මිලියන 400ත් 500ත් අතර මුදලක් ඖෂධ සඳහා
වැය කරයි. පසුගිය මාස 12-18 කාලයේ ඖෂධ වර්ග 40ක් පමණ දේශීයව නිෂ්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කර
තිබෙන බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
Source – Mawratanews.lk



















