නිවසේ සිට ප්‍රතිකාර ලබා ගන්නා ලෙස වෛද්‍යවරුන් තමන්ට උපදෙස් ලබා දී ඇති බැවින් අදාළ ප්‍රකාශය නිවසට පැමිණ ලබා ගන්නා ලෙසට ද එමගින් දැනුම් දී ඇති බව සඳහන්.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිදු කළ පෞද්ගලික සංචාරයක් සදහා රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.



















