මත්තල අධිවේගී පිවිසුම අසලදී ජනාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැන එම වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහල කටානේ කදසුරිදුගම පදිංචිකරුවන් පස් දෙනෙකු කටාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතගතවද එම අවස්ථාවේදී මත්තල අධිවේගී පිවිසුම අසල රාජකාරියේ නිරත පොලිස් ස්ථානාධිපතිවරයා සහ අනෙක් නිළධාරීන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයටත්ලඅනෙක් දෙදෙනා කොට්ටාව සහ කඩවත පොලිස් ස්ථාන වෙත මාරු කර යවා තිබේ. ඒ විධායක ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් බැන අශෝභන ලෙස හැසිරීමට එරෙහිව නීතිමය පියවර නොගැනීම හේතුකොටගෙනයි.
ඊයේ (17) දිනයේ කතරගම වන්දනාවේ ගොස් ආපුසු පැමිනෙමින් තිබුනු පුදගලික බස් රථයක් ආසන පටි නොමැති වීමෙන් අධිවේගී මාර්ගයට ඇතුල් කිරීමට පොලීසිය අවසර ලබා නොදීම නිසා උණුසුම් තත්වයක් ඇති වී ඇති අතර එහිදී එම බස් රථයේ ගමන් කළ පිරිස සහ පොලීසිය අතර බහින් බස්වීමක් ඇති වී තිබේ. ඒ අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම කියමින් බස් රථයේ පැමිණි පිරිස පරුෂ වචනයෙන් ආමන්ත්‍රණය කර ඇති අතර එම අවස්ථාව ජංගම දුරකථනයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.
දිවයින




















