BREAKING NEWS
Search

සිවිල් මිනිසුන් වෙනුවෙන් හඬ නැගූ ප්‍රබල චරිතයක් ජීවිතයෙන් සමුගනී.. ඔහුගේ මරණයට හේතුව මොකක්දැයි ප්‍රශ්නාර්ථයක්..?

2
ඔහුගේ නික්මයාම ගැන මේ වෙනකොට ලොවක් කතාවෙනවා. මේ කියන්න යන්නේ අන්න ඒ කණගාටුදායක සිදුවීම ගැන ඇසෙන ඒ කතාවයි.
එක්සත් ජනපද සිවිල් අයිතිවාසිකම් අරගලයේ දැවැන්තයෙකු වූ ජෙසී ජැක්සන් (Jesse Jackson) අභාවප්‍රාප්ත වී තිබෙනවා.. ඔහු මිය යන විට වයස අවුරුදු 84ක් වූ බවයි වාර්තා වෙන්නේ.

2026 පෙබරවාරි 17 වන දින චිකාගෝ නුවරදී ඔහු මෙලොව හැර ගියේ කලක් තිස්සේ පැවති අසනීප තත්ත්වයකින් පසුවයි. මේ අතර, ඔහුගේ මරණයට හේතුව මෙතෙක් පවසා නැහැ..

1941 වසරේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ උපත ලැබූ ජෙසී ජැක්සන්, 1960 දශකයේදී ආචාර්ය මාටින් ලූතර් කිංගේ සමීපතම අනුගාමිකයෙකු ලෙස සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයට එක් වූ අතර, 1968 දී මාටින් ලූතර් කිං ඝාතනය වන අවස්ථාවේදී පවා ජැක්සන් ඔහු අසල රැඳී සිටි අතර, කිංගේ අභාවයෙන් පසු අරගලයේ නායකත්වය ඉදිරියට ගෙන යාමට ඔහු විශාල දායකත්වයක් ලබාදී තිබුණා.

ජෙසී ජැක්සන් අමෙරිකානු දේශපාලනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේ 1984 සහ 1988 වසරවලදී ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරඟ වැදීමෙනි.

අමෙරිකානු ඉතිහාසයේ ප්‍රධාන දේශපාලන පක්ෂයකින් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා බැරෑරුම් ලෙස තරඟ කළ පළමු කළු ජාතිකයා ඔහු වුණා. ඔහුගේ එම ගමන පසුව බැරැක් ඔබාමා වැනි නායකයින්ට මාවත සකස් කළ බව දේශපාලන විචාරකයෝ පවසනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *