අකුරේගොඩ සුපිරි වෙළෙඳසැල අසලදී සිදුවූ ඒ ද්විත්ව ඝාතනය හුදෙක් ක්ෂණික කෝපය මත කළ වෙඩි තැබීමක්ම පමණක්ද?
නැතිනම් ඉතා සූක්ෂමව සැලසුම් කළ ‘මාරක දඩයමක්’ ද? නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ එනතුරු පාර බලන් සිටි ඒ ‘නොපෙනෙන ඇස්’ පිටුපස සිටියේ කවුද?
මුළු රටම කම්පා කළ ඒ වෙඩි තැබීමට මොහොතකට පෙර, අකුරේගොඩ අහසේ ලියවුණු අභිරහස් කතාව දැන් එකින් එක හෙළිවෙමින් පවතී.
සීසීටීවී (CCTV) රූපරාමු අතර සැඟව තිබූ ඒ ‘මාරක බෑගය’ සහ ඩුබායි සිට ක්‍රියාත්මක වූ පාතාලයේ ‘රිමෝට්’ එක ගැනත්, කොටුවුණු සහෝදරයන් දෙන්නාගේ පාපෝච්චාරණයෙන් හෙළි වන තවමත් නොවිසඳුණු අභිරහස් මෙන්න.
මුලින්ම හැමෝම හිතුවේ මේක වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ හදිසි ප්‍රහාරයක් කියලා. හැබැයි අකුරේගොඩ සුපිරි වෙළෙඳසැල අසල සවිකර තිබූ කැමරා ඇස්වල සටහන් වුණු ඒ දර්ශනය මුළු විමර්ශනයම වෙනස් කළා.
මෝටර් රථයකින් පැමිණි තරුණයෙක්, වෙඩික්කරුවන් රැඳී සිටි රථයට රහසිගත ලෙස ‘බෑගයක්’ ලබාදෙන අයුරු එහි සටහන්ව තිබුණා.
එම බෑගය තුළ තිබුණේ ජීවිත දෙකක් නිහඬ කළ මාරක ගිනිඅවි බව දැන් හෙළි වී හමාරයි.
වෙඩික්කරුවන්ට වඩා මේ සිදුවීමේ භයානකම පිරිස වන්නේ නීතිඥවරයා එම මාර්ගයේ එන බවට ඔත්තු බැලූ අයයි.
අත්අඩංගුවට ගත් 20 සහ 24 වයස්වල පසුවන සහෝදරයන් දෙදෙනා, නීතිඥවරයා එනතුරු පාර බලන් සිටි ඒ ‘නොපෙනෙන ඇස්’ බවට පත්ව තිබුණා.
ඔහු රථ ගාලට ඇතුළු වන මොහොතේම වෙඩික්කරුවන්ට ඒ බව දැනුම් දී ඇත්තේ මේ දෙන්නා බවයි පොලිසිය පවසන්නේ.
සැකකාර සහෝදරයන් දෙදෙනාගෙන් හෙළි වූ තොරතුරු ඕනෑම අයෙකුගේ ඇඟ කිලිපොලා යන සුලුයි.
ඔවුන්ට උපදෙස් ලැබී ඇත්තේ ලංකාවෙන් නෙමෙයි. “කරන්දෙණියේ සුද්දා” ගේ නියෝග මත, ඩුබායි හි සැඟව සිටින “ඩුබායි නිපුණ” සහ “මල්වානේ ටුටූ” විසින් මෙම මරණීය කුමන්ත්‍රණය මෙහෙයවා තිබෙනවා.
මේ සහෝදරයන් දෙදෙනා මෙතරම් දරුණු පාතාල කල්ලියක් සමඟ අත්වැල් බැඳගත්තේ ඇයි? නීතිඥවරයා සහ බිරිඳ ඉලක්ක කිරීමට තිබූ සැබෑ හේතුව කුමක්ද?




















