BREAKING NEWS
Search

කොළඹ විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක්

0

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාල අසල ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

ඒ හේතුවෙන් මේ වනවිට කුමාරතුංග මුනිදාස මාවතේ එක් මංතීරුවක් අවහිර වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මහා ශිෂ්‍ය සංගමයේ, කොළඹ විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සභාපති හිමිසර දෙනුවන් සිසුවා පැවසුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් අත්තනෝමතික ලෙස සරසවි සිසුන් මර්දනය කිරීමට කටයුතු කරන බවය.

ඔහු පැවසුවේ විශ්වවිද්‍යාල තුළ සිසුන් විසින් යම් කටයුත්තක් සංවිධානය කරන්නේ නම් එය විශ්වවිද්‍යාල පරිපාලනයෙන් නියාමනය කිරීමට අවශ්‍ය බවයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් නියම කර ඇති බවය.

ඒ සඳහා සිසුන්ගේ එකඟතාවක් නොමැති බවත් එම ක්‍රියාවලිය ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පවසයි.

හිමිසර දෙනුවන් සිසුවා පැවසුවේ කොළඹ විශ්වවිද්‍යාලය අධ්‍යන ක්‍රියාවලියේ ද ගැටලු රැසක් පවතින බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *