ඔහුගේ ජීවිතය මෙලෙස අකාලයේ මිලින වෙන්නේ කිසිවෙකුත් නොසිතූ නිමේෂයකයි.
“ඩුබායි ප්‍රවීන්” නමැති අපරාධකරුගේ සොහොයුරා වන “පුපුවා” නමැත්තාට පහරදීම නිසා ඊට එකට එක කිරීමක් ලෙස මෙම තරුණයා ඝාතනය කර ඇති බව ද මේ වනවිට හෙළිදරව් වී ඇති අතර, විමර්ශන නිලධාරීන් පවසන අන්දමට ඩුබායි ප්‍රවීන්ගේ සොහොයුරා වන “පුපුවා” නමැත්තා සහ ශිරෝන් නමැති අයකු මීට ටික දිනකට උඩදී පොතුපිටිය ප්‍රදේශයේ උපන් දින උත්සවයකට සහභාගි වී තිබුණා.
එහිදී පුපුවා සහ ශිරෝන් අතර ආරවුලක් ඇතිවී ඇති අතර පසුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබුණා.
එම ගැටුමින් පසු වෙනත් දිනකදී ශිරෝන් නමැත්තා, රතුවා සහ කළුතරදී 14 වැනිදා ඝාතනයට ලක්වූ 32 හැවිරිදි තරුණයා පුපුවාගේ නිවසට ගොස් ඇත්තේ මන්නා පිහි ද රැගෙන ය. එහෙත් ඒ මොහොතේ පුපුවා නිවසේ සිට නැහැ.
මෙම සිද්ධිය මුල් කරගෙන ඇතිවූ ආරවුල දුරදිග යෑමෙන් පසු ඩුබායි ප්‍රවීන්ගේ පාර්ශ්වය විසින් මෙම 32 හැවිරිදි තරුණයා ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කෙරෙනවා.
ඉකුත් 14 වැනිදා රාත්‍රි 8.00ට පමණ කළුතර උතුර වාඩියමංකඩ ප්‍රදේශයට යතුරුපැදියකින් කඩාවැදුණු පාතාල කුලී ඝාතකයන් දෙදෙනකු පිස්තෝල අවියක් යොදාගෙන 32 හැවිරිදි තරුණයාට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකුත් ඊයේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබුණු අතර විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යනවා.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණය යටතේ කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උදයකුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන පැවැත්වෙනවා.



















