BREAKING NEWS
Search

හිමිකරුවෙක් නැති රුපියල් ලක්ෂ 105ක කේරළ ගංජා තොගයක්

236

පළෙයි පොලිස් වසමේ මාසාර් ප්‍රදේශයේ තිබී හිමිකරුවෙකු නොමැති ගංජා කිලෝග්‍රෑම් 30ක් යුද්ධ හමුදා භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත, ඊයේ (12) මෙම කේරල ගංජා තොගය සොයාගෙන ඇත.

හමුදා භාරයට ගත් ගංජා තොගයේ වටිනාකම ලක්ෂ 105ක් බව යුද්ධ හමුදාව පවසයි.

මෙම වැටලීමේදී යුද්ධ හමුදා බුද්ධි අංශය සහ පළෙයි පොලීසිය එක්ව ක්‍රියාත්මක විය.

අත්අඩංගුවට ගත් කේරල ගංජා පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සහ නඩු විමර්ශන පලෙයි පොලීසිය විසින් සිදු කෙරෙනු ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *