BREAKING NEWS
Search

හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම්..

2167
2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ලෑස්ති වෙන දරුවන්ට වගේම, පන්ති පවත්වන ගුරුවරුන්ටත් අදාළ වන ඉතාමත් තීරණාත්මක නිවේදනයක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
හෙට, එනම් පෙබරවාරි 11 වැනිදා මධ්‍යම රාත්‍රී 12න් පසුව විභාගය අවසන් වන තෙක් කිසිම ආකාරයක උපකාරක පන්ති, සම්මන්ත්‍රණ හෝ වැඩමුළු පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම්! මේ නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න පොලිසියත් දැන් සූදානම්.

පන්ති පවත්වනවා විතරක් නෙවෙයි, “මේ පාර විභාගයට එන්නේ මේ ප්‍රශ්න” කියලා අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදා හැරීම සහ ඒ ගැන පෝස්ටර් හෝ අත්පත්‍රිකා ගැසීමත් මේ යටතේ සපුරා තහනම් වෙනවා.

සෝෂල් මීඩියා හරහා ප්‍රශ්න පත්‍ර ප්‍රසිද්ධ කරන අය ගැනත් විභාග දෙපාර්තමේන්තුව ඇස ගසාගෙනයි ඉන්නේ.

යම් අයෙක් හෝ ආයතනයක් මේ නියෝග නොසලකා ක්‍රියා කළොත්, ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය අවධාරණය කරනවා.

ඔබේ ප්‍රදේශයේත් මෙවැනි තහනම් පන්ති හෝ අනුමාන ප්‍රශ්න පත්‍ර බෙදන තැන් තිබේ නම්, වහාම මේ අංකවලට දැනුම් දෙන්න පුළුවන්:
1911 – විභාග දෙපාර්තමේන්තුව
119 – පොලිස් හදිසි ඇමතුම්
011-2421111 – පොලිස් මූලස්ථානය

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *