BREAKING NEWS
Search

“කෑවට මොකද වෙන්නේ” කියලා හිතන අයට වැරදුණු තැන.. – කොලෙස්ටරෝල් දියකරන නිවසේ තියෙන දිව්‍ය ඖෂධ 5ක් ගැන හෙළිදරව්වක්..

7103

“තව එකක් කෑවට මොකද වෙන්නේ?” කියලා හිත හිත පෝෂණය ගැන නොහිතන අපේ රටේ වැඩි දෙනෙක්ට වැරදුණු තැන ගැනයි මේ හෙළිදරව්ව.

සාමාන්‍යයෙන් අපිට ලෙඩේ ගැන තේරෙන්නේ දොස්තර කෙනෙක් ලඟට ගිහින් “බය වුණාට” පස්සේ.

හැබැයි එතකොට කොලෙස්ටරෝල් පිරිලා ලෙඩේ වැළඳිලා ඉවරයි.

රුධිර නාල කියන්නේ අපේ ඇඟේ ප්‍රධානම ප්‍රවාහන පද්ධතිය. කොලෙස්ටරෝල් නිසා මේ නාල සිහින් වුණාම හදවතට සිද්ධ වෙන්නේ මාර වෑයමක් දරලා ලේ පොම්ප කරන්න.

අන්තිමේදී හදවත වෙහෙසට පත් වෙලා “හාර්ට් ඇටෑක්” එකකින් කෙළවර වෙන්න පුළුවන්.

හැබැයි බය වෙන්න එපා! ඔබේ මුළුතැන්ගෙයි තියෙන මේ දේවල් 5 නිතර ආහාරයට ගත්තොත් රුධිර නාලවල තැන්පත් වුණු කොලෙස්ටරෝල් දිය කරලා හරින්න පුළුවන්.

01. සුදු ළූණු – සුදු ළූණු කියන්නේ කොලෙස්ටරෝල් මට්ටම පහත හෙළන්න තියෙන හොඳම විසඳුමයි. දිනපතා සුදු ළූණු බික් 4ක්වත් අමුවෙන් හෝ තම්බා ආහාරයට ගන්න පුළුවන් නම් ඔබේ ශරීරයට ලැබෙන ගුණය අප්‍රමාණයි.

02. මාළු (විශේෂයෙන් සැමන්) – මස් වර්ග කන එක අඩු කරලා මාළු කන්න පුරුදු වෙන්න. මාළුවල තියෙන ඔමේගා 3 මේද අම්ලය හදවතේ රෝගවලට දිව්‍ය ඖෂධයක් වගෙයි. ජපානයේ මිනිස්සු වැඩි කාලයක් ජීවත් වෙන්නේ මේ රහස නිසයි.

03. දෙළුම් – දෙළුම් කියන්නේ රුධිර ගමනාගමනය ක්‍රමවත් කරන පුදුම පළතුරක්. රුධිර පීඩනය අඩු කරන්නත්, නාල ඇතුළේ ඇති බාධා ඉවත් කරන්නත් දෙළුම්වලට සුවිශේෂී හැකියාවක් තියෙනවා.

04. කහ – අපේ හැම ව්‍යංජනයකටම දාන කහවල තියෙන ‘කර්කමින්’ (Curcumin) කියන සංයෝගයට පුළුවන් අහිතකර කොලෙස්ටරෝල් 26%කින් විතර අඩු කරන්න. පිළිකා මර්දනයටත් කහ ඉතාම ගුණදායකයි.

05. ඔලිව් තෙල් – ශරීරයට හිතකර මේදය ලබා දෙන්න ඔලිව් තෙල් සමත් වෙනවා. මස් වර්ගවල තියෙන අහිතකර තෙල්වලින් බේරෙන්න නම් ආහාර වේලට ඔලිව් තෙල් ටිකක් එකතු කරගන්න අමතක කරන්න එපා.

ලෙඩේ හැදුනට පස්සේ පසුතැවෙනවා වෙනුවට දැන්ම නීරෝගීව ඉන්න බලමු නේද?

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *