දරුවෙක් නැතුව දුකෙන් පාළුවෙන් හිටි අම්මටයි තාත්තටයි පුංචි ජොඈනා ලැබුණෙ අවුරුදු 10කට පස්සෙ… ඉතින් කොච්චර සතුටුද කියලා හිතාගන්නකො.. සතුටයි ආදරෙයි වැඩිකමට පුංචි බබාට මදි නොකියන්නම කැව්වා… අපරාදෙ කියන්න බෑ, පුංචි පැංචිත් බෑ කිව්වෙ නෑ කෑවා .. ඒත් ඒකෙ තරම තේරුණේ ඉස්කෝලෙ යන්න ගත්තමයි.. අවුරුදු 5 වෙනකොට කිලෝ 60යි. අනේ පුංචි කෙල්ල පන්තියෙ කාගෙත් “විහි ළුව” වුණා..
කවුරුවත් එයාගෙ යාළුවෙක් වෙන්නවත් කැමති වුණේ නෑ.. සමහරු හොඳටම වෙන ස්කම් කළා.. පුංචිකමට සමහර දරුවන්ගෙ හිත්වලට කොහෙන් එනවද මන්දා ඒ වෙනස්කම්.. දන්නවනෙ මහත අයට කියන නම්! “අනේ එහෙම කියන්න එපා, පුංචි කෙල්ල ප ව්” කියලා කියන්න කවුරුවත් හිටියෙ නෑ. අහිංසක පුංචි හිතක් පෑ’රෙන තරම් ඒ කාටවත් දැනුණෙ නෑ. ඉතින් අම්මා තාත්තා ළඟ හුරතලේට හැදුණු පුංචි කෙල්ලට ලෝකෙ කොයිතරම් වෙනස්කියලා දැනෙන්න පටන් ගත්තා.. “මට ඉස්කෝලෙ යන්න බෑ….” කියලා ඇ.ඩුවා. ඒත් නොගිහින් කොහොමද.. ඉතින් එයා දුකෙන්, තනිකමින්, අමාරුවෙන්, ඉස්කෝලෙ ගියා. කාලයක් යනකොට පුංචි ජොඈනට, කිරීම් කරදර පුරුදු වුණා.
ඒත් නෑ, ජොඈනා චුට්ට චුට්ට ලොකු වෙනකොට, මනස අවදිවෙනකොට අවට ලෝකය ගැන දැනගන්නකොට, එයාට අනික් අය කරන වෙන ස්කම් වඩාත් දැනෙන්න පටන් ගත්තා. විශේෂයෙන්, අලූත් ලොකු ඉස්කෝලෙට යනකොට එයාට ඒත තදින්ම දැනුණා, පුංචි කාලෙටත් වඩා. ජොඈනාට ගොඩක් ලැජ්ජා හිතුණා, “මොකද්ද මේ ජීවිතේ, මෙහෙම ජීවත් වෙලා මොකටද, ඇයි මම මෙහෙම ඉපදුණේ, මට මේ ජීවිතේ ඇති වෙලා…” ඇත්තටම එයා ජීවිතෙන් ස මුග න්නත් උත්සාහ කළා. මාන’සිකව කඩා වැටුණා හොඳටම. යන යන තැන හැමෝම ඇඟ දිහා බලලා අරි’යාදු කළා.. කළා ඇති තරම්.. අහිංසක හිතක් පෑරිලා පෑරිලා මිරිකෙනකල්. අන්තිමට ජොඈනගෙ ඉස්කෝලෙ ගමනත් අඩාල වෙලා ගියා.
එක දවසක් ජොඈනාට හිතුණා ඇත්තටම මට වෙනස් වෙන්න බෑමද කියලා.. එතකොට වයස 15යි කිලෝ 105යි. එයා දැනටම දන්නවා ලේසි පහසු උත්සාහයකින් මේක වෙනස් කරන්න බැරි බව. එයා තාත්තට කිව්වා මම මේ සැරේ නම් මේක කොහොමහරි කරනවා කරනවාමයි කියලා. තාත්තා ගොඩක් සතුටින් ඩම්බෙ ල් දෙකකුයි මැට් එකකුයි ගෙනත් දුන්නා. හැමදාම ජිම් යන්න තරම් ජොඈනාට එතකොට සල්ලි තිබුණෙ නැතිනිසා. එයා කෑමත් අවමයටම අඩු කළා. ඉන්ටර්නෙට් එකෙන් බලාගෙන, තොරතුරු හොයාගෙන, ඩයට් හොයාගෙන, ජොඈනා අලූත් පාරකට ආවා. ඒත් ඉතින් මහත අඩුකරගන්න මහන්සිවෙන අය තමයි දන්නෙ ඒකෙ අමාරුව. ජොඈනාටත් ඒ වගේ. හොඳ පණ ගියා. වැරදුණා නිතරම. ප‍්‍රතිපල ලැබුණෙම නෑ. උත්සාහ කරලා කරලා හරියන්නෙ නැතිවෙනකොට මන සින් වැටුණා නිතරම.. කීප සැරයක් හිතුණා වැඬේ අතාරින්න.. ඒත් නෑ ජොඈනාට තිබුණා බලාපොරොත්තුව අහස උසට.. එයා තව තව උත්සාහ කළා.
අන්තිමට අවුරුද්දක විතර මහා සට න කට පස්සෙ, එයාට ප‍්‍රතිඵල ලැබෙන්න පටන් ගත්තා. කිලෝ 104 කිලෝ 53ට අඩු වුණා. හරියට දළඹුවෙක් සමනලයෙක් වුණා වගේ!! ජොඈනට හරි සතුටුයි. එයා ආයිත් ඉස්කොලෙ ගියා. “දැන් නම් හැමෝම මට කැමති වෙයි” ජොඈනා හිතුවා. නෑ, අහිංසක ජොඈනට කතා වැඩිවුණා. “ජොඈනා .’ඩු ගහනවා ඒකයි කෙට්ටු වෙලා තියෙන්නෙ”.. සමහරු මූණටම කිව්වා. අර තරම් කැපවීමකට පුංචි කෙල්ලට අහගන්න ලැබුණෙ එච්චරයි.. කොච්චර දුකද කියලා හිතගන්න පුළුවන් නෙ.. ඒත් ජොඈනා ඒ වෙනකොට වෙනස් වෙලා. ඒ වෙනකොට ජොඈනාට මිනිස්සුන්ගෙ වි සකුරු හිත් හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙලා. එයා වෛ’ර කළේ නෑ, දුක් වුණෙත් නෑ, අහිංසක හිනාවකින් දරාගත්තා. ඒවා එයාව තවත් ශක්තිමත් කළා. එයාගෙ ගමන තවත් උත්සාහයෙන් ගියා. ලස්සන වෙනඑක හැම ගෑණු ළමයෙකුගෙම හීනයක්. ජොඈනටත් එහෙමයි. එයා සම ගැනත් උනන්දු වුණා. එයා සමට රූ පලාව න්‍ය සත්කාර කළා, හොඳට වතුර බිව්වා, පරිස්සමින් පෝෂ්‍යදායී ආහාර කෑවා. ජොඈනා ටිකෙන් දුක සුරංගනාවියක් වගේ ලස්සන වුණා. දැන් එයා දිහා බලන්න බැරි අය අඩු තරමින් කතාහරි පතුරවන්න ඕන කියලා හිතුවා.. “එයා බ්ලී ‘ච් කරලා, ස ර්ජරි කරලා” තව එක එක දේ කිව්වා. ඒත් ඒ වෙනකොට ජොඈනාට ඒවා දැනුණෙවත් නෑ. එයා දන්නවනෙ කට්ටියගෙ හැටි. වැඩියම ඉරි සියා ළඟපාතම ඉන්න අයනෙ.
අන්තිමට කට්ටියට ඉවසන්නම බැරිවෙන්න, ජොඈනා රූපසුන්දරියක් විදියට කිරුළු පැළදුවා… මැලේසියාවෙන් විතරක් නෙමෙයි, ජොඈනාගෙ කතාව අහලා ලෝකෙ අනික් රටවලිනුත් ජොඈනාට ආදරේ ගලාගෙන ආවා. හරි සතුටුයි.උත්සහය තියෙනවනම් කරන්න බැරි දෙයක් නැතිතරම් බව ඇය ප්‍රායෝගිකව ඔප්පු කලා..
01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.


19.

20.

21.

22.

23.

24.



















