BREAKING NEWS
Search

මන්ත්‍රී වෑන් රියේ ගැටී දෙදෙනෙක් රෝහලට

228

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීදරන් මහතා ගමන් ගත් වෑන් රථය යාපනය මීසාලේයි උතුර ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදියෙ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා  චාවකච්චෙරි රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය පවසයි. 

ෙමෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ වෑන් රථයේ පැදවූ රියදුරු කොඩිකාමම් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මන්ත්‍රීවරයා ඊයේ (31) පෙරවරුවේ  වෑන් රථයෙන් මීසාලේ උතුර ශීයාමාලා හන්දිය ප්‍රදේශයේ ගමන්කරමින් සිටියදී මාර්ගයේ ගමන් කරමින් සිටි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *