BREAKING NEWS
Search

මේ දේවල් වලටත් පාසලෙන් ඔබගෙන් සල්ලි එකතු කලාද ?

776

පාසල්වල සුහුරු පුවරු (Smart Board) සඳහා මවුපියන්ගෙන් මුදල් එකතු කිරීම වැරැදි බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී බී ආරියවංශ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ද්විතීක පාසල් හය දහසකට සූහුරු පුවරු ගැනීම සඳහා රජය මුදල් යොදවා ඇති බවත් ඒවා ලබාදීමට රජය අනිවාර්යයෙන්ම වග කියන බවත්  නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මවුපියන්ට බරක් නොවන ආකාරයට ඒ සඳහා සියලු වියදම් දරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

පාසල් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් සිදුවන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා කොට්ඨාශයකට අදාලව පාසලක් දියුණු කිරීම මෙහි අරමුණ බවත් ප්‍රකාශ කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *