මේ කියන්න යන්නේ අන්න ඒ සංවේදී සිදුවීමත් සමග ඊයේ ඔහු දිනූ ජයග්‍රහණය ගැන කතාවක්.
එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් පසු තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ, තමා දිනාගත් ‘තරගයේ වීරයා’ සම්මානය සිය අභාවප්‍රාප්ත පියා වෙනුවෙන් පුද කරමින් හැඟීම්බර ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් 23 හැවිරිදි දුනිත් පැවසුවේ, පසුගිය ආසියානු කුසලාන තරගාවලිය අතරතුර තමා ශ්‍රී ලංකාව නියෝජනය කරද්දී අභාවප්‍රාප්ත වූ සිය පියා මෙම සම්මානයේ සැබෑ හිමිකරු බවයි.
“මම මේ සම්මානය මගේ තාත්තාට පුද කරනවා. ඔහු කොහේ හෝ සිට මා දෙස බලා සිටින බව මම දන්නවා. ඔහු නිතරම කැමති වුණේ මම රට වෙනුවෙන් උපරිම දස්කම් දක්වනවා දකින්නයි. ඔහු මට හැමදාමත් විශාල ශක්තියක් වුණා.”
පසුගිය මාස කිහිපය තමාට පෞද්ගලිකව ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් වූ බවත්, එම කාලයේදී තමාට සහය වූ සියලු දෙනාටම ඔහු සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

















