BREAKING NEWS
Search

ගලහින් හමු වූ නිල් පාෂාණය නිල් මැණික් පොකුරක්? නිලධාරීන් සාම්පල අරන් යද්දී උණුසුම් තත්ත්වයක්.. හිතාගන්න බැරි කතාවක් එළියට

2794
ගලහ, ගල්ලන්තැන්න ප්‍රදේශයෙන් වාර්තා වන මෙම පුවත දැන් මුළු රටේම අවධානය දිනාගෙන අවසන්.

“දිට්වා” සුළි කුණාටුවත් සමඟ ඇද හැලුණු මහ වැසි ගල්ලන්තැන්න කන්ද දෙදරවා තිබුණේ කිසිවෙකු නොසිතූ අන්දමින්.

නායයෑමත් සමඟ උඩ කොටසේ සිට පහළ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල ආසන්නයට පෙරළී ආ “මහා නිල් පාෂාණය” මේ වන විට ලංකාවේ වැඩිම කතාබහට ලක්වන මාතෘකාව බවට පත්වෙලා.

ටොන් එකක පමණ බරක් ඇති මෙම පාෂණය ඊයේ පස්වරුවේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරින් කණ්ඩායමක් පරීක්ෂා කර තිබුණා.

එහිදී මැණික් අධිකාරියේ නිලධාරීන් සහ ගම්වැසියන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුව තිබෙනවා.

ඒ අදාළ පාෂාණයෙන් සාම්පල කොටස් තුනක් ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී.

“අපේ ගමේ සම්පත අරන් යන්න දෙන්න බැහැ” කියමින් ගම්වැසියන් නිලධාරීන් වට කර ඇති අතර, පසුව පොලිසියේ මැදිහත්වීමෙන් එම සාම්පල කොටස් ගම්වැසියන් ඉදිරිපිටම මුද්‍රා තබා පරීක්ෂණ සඳහා රැගෙන යාමට පියවර ගෙන තිබෙනවා.

මෙය පොකුරක් ආකාරයට තිබෙන යම් විශේෂ ගල් වර්ගයක් බවත් එය ස්ථිර ලෙසම මැණික් ගලක් ද යන්න තහවුරු කළ නොහැකි බවත් මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ නිලධාරීන් පවසනවා.

එම පාෂණ සම්බන්ධයෙන් ස්ථිර නිගනමනකට පැමිණෙන තෙක් විශේෂ ආරක්ෂාවක් යෙදීමට පොලීසිය පියවර ගෙන ඇති බව සදහන්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *