BREAKING NEWS
Search

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා මව්පියන් විරෝධයක

10

වසරකින් කල් දැමුණු 6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙම වසරේදීම යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා දෙමාපියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට නිහඩ අඛණ්ඩ විරෝධතාවක් අද(19) ආරම්භ කරනු ලැබීය.

06 ශ්‍රේණිය දරුවන්ගේ දෙමාපිය එකමුතුව ලෙස සංවිධානය වු මව්පියන් පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරිමින් මෙම විරෝධතාවයේ නිරතව සිටියහ.

කල් දැමුණු 6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක කරන බවට බලධාරින් ප්‍රකාශ කරන තෙක් මෙම විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් විරෝධතාකරුවෝ පැවසූහ. යෝජිත 6 වසර මොඩියුලර් ක්‍රමය වහාම ක්‍රියාත්මක කරනු, ජනාධිපතිතුමනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපට ඕන, පුංචි හිත් රැකගනිමු, අනාගතය දිනවමු ආදි බැනර් සහ වැකි ප්‍රදර්ශනය කරමින් පිරිස මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.

තාවකාලිකව නතර කරන ලද 6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මෙයට සමගාමීව ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *