BREAKING NEWS
Search

මාරක ටිපර් රථ අනතුරක් – දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

443

යාපනය – මන්නාරම මාර්ගයේ තෙන්මරාච්චි, නාවට්කුලි ප්‍රදේශයේදී ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුර අද (15) අලුයම 5.05ට පමණ සිදුව ඇත.

නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක්, වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ කිළිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි.

මියගිය අයගෙන් එක් අයෙකුගේ දේහය චාවකච්චේරි මූලික රෝහලේත්, අනෙක් තැනැත්තාගේ දේහය යාපනය ශික්ෂණ රෝහලේත් තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *