BREAKING NEWS
Search

බලාගෙන සිටියදීම මිතුරාව කිබුලා ඇදගෙන ගිහින් – අක්කරපත්තුවෙන් ඇහෙන ඇග කිලිපොලා යන කතාව

1174
අලුත් අවුරුද්දේ ආරම්භයේදීම අක්කරපත්තුව ප්‍රදේශයෙන් අතිශය අවාසනාවන්ත සහ ඇඟ කිලිපොලා යන පුවතක් වාර්තා වෙනවා.


ඊයේ (04) දහවල් කාලයේදී ගල්ඔය ගඟේදී කිඹුලෙකු විසින් පුද්ගලයෙකු ඩැහැගෙන ගොස් අතුරුදන් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී ඇත්තේ ඔළුවිල් 01 ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.

විමර්ශනවලදී හෙළි වී ඇති තොරතුරුවලට අනුව, මෙම පුද්ගලයා තවත් යහළුවෙකු සමඟ ගල්ඔය ගඟේ එගොඩ ඉවුරේ නවතා තිබූ ඔරුවක් රැගෙන ඒමට ගොස් තිබෙනවා.

ඒ සඳහා ඔහු ගඟේ පිහිනාගෙන යමින් සිටියදී තමයි එකපාරටම මතු වූ මිනීකන කිඹුලෙකු ඔහුව ඩැහැගෙන තිබෙන්නේ. තමන්ගේ ඇස් පනාපිටම යහළුවාව කිඹුලා ඇදගෙන යන අයුරු අනෙක් පුද්ගලයා බලා සිට ඇත්තේ අසරණවයි.

අතුරුදන් වූ පුද්ගලයා සෙවීම සඳහා මේ වන විටත් ප්‍රදේශවාසීන් සමඟ එක්ව පොලිස් නිලධාරීන්, නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සහ සමන්තුරේ වනජීවි නිලධාරීන් එක්ව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. නමුත් මේ වන තෙක් ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.

අක්කරපත්තුව පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා කියලා තමයි සඳහන් වෙන්නේ..



Leave a Reply

Your email address will not be published. Required fields are marked *