BREAKING NEWS
Search

දිවයින පුරා විශේෂ මෙහෙයුම්

269

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 15දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම් ඊයේ (31) දිනයේ දී සිදුකර ඇති අතර එහිදී පුද්ගලයින් 30,676දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 460දෙනෙකු සහ වරෙන්තුකරුවන් 191දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව බීමත්ව රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයින් 591දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *