මීට කලකට ඉහත රෝගාතුර වූ ඒ දක්ෂ ක්‍රීඩකයා ගැන මේ ඇසෙන්නේ කිසිවෙකුටත් අදහාගන්න බැරි කණගාටුදායක පුවතක්..
වයස අවුරුදු 19න් පහළ ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජන කළ හිටපු ක්‍රීඩක අක්ෂු ප්‍රනාන්දු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
2018 වසරේ ගල්කිස්ස ප්‍රදේශයේ අනාරක්ෂිත දුමිරිය හරස් මාර්ගයක සිදුවූ දරුණු අනතුරකින් පසු වසර 07ක් තිස්සේ ඔහු කෝමා තත්වයෙන් පසුවුණා.
ඔහු මෙම බිහිසුණු අනතුරට මුහුණ දෙන්නේ කණ්ඩායමේ සගයන් සමග වෙරළ තීරයේ දිවීමට ගොස් නැවත පැමිණෙන අතරතුරදීයි.
ඔහු 2010 වසරෙ නවසීලන්තයේ පැවති 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලැබුවා.




















