BREAKING NEWS
Search

බිහිසුණු අනතුරක් – 9දෙනෙකු ජීවිතක්ෂයට

1384

උතුරු වියට්නාමයේ හැනෝයි ප්‍රදේශයේ දී සිදු වූ බස්රථ අනතුරකින් එහි ගමන්ගත් පුද්ගලයින් 9දෙනෙකු මියගොස් තිබේ.

තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

බසයේ සිටි මගීන්ගෙන් වැඩි පිරිසක් හැනෝයි සිට ලාඕ කායි පළාතට චාරිකාවක් සඳහා සහභාගී වූ ගුරුවරුන් පිරිසක් බවට අනාවරණය වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වියට්නාමයේ උතුරු පළාතේ කඳුකර මාර්ගයක දී මෙම බස් රථය පෙරළී ගොස් ඇති බවය.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස්රථය තුළ මගීන් 19 දෙනෙකු සිට ඇති බව ද සඳහන් වේ.

ගලවා ගැනීමේ කණ්ඩායම් සුන්බුන් අතරින් දිවි ගලවා ගත් 10 දෙනෙකු පිටතට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.

වියට්නාමයේ බස් රථ හෝ ට්‍රක් රථ සම්බන්ධ මාරාන්තික මාර්ග අනතුරු බහුලව දක්නට ලැබෙන අතර එම අනතුරු බොහෝමයට හේතුව වී ඇත්තේ අධික වේගය හා යාන්ත්‍රික දෝෂ බවද සඳහන් වේ.

සංඛ්‍යාලේඛනවලට අනුව, මෙම වසරේ මුල් මාස 10 තුළ  වියට්නාමයේ මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 8,515දෙනෙකු මියගොස් තවත් 10,204 දෙනෙකු තුවාල ලබා තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *