BREAKING NEWS
Search

එන්නතක් විෂ වෙලා තිදරු මව මරුට

407

සිවලාකුලම ප්‍රදේශයේ පසුගියදා බෙහෙත් විෂ වීමකින් කාන්තාවක මිය ගොස් ඇතැයි මියගිය කාන්තාවකගේ ඥාතීහු චෝදනා කරති.

පසුගිය දිනයක දී හදිසියේ ඇතිවූ අසනීපයක් හේතුවෙන් ගලෙන්බිඳුණුවැව සිවලාකුලම පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් ප්‍රතිකාර ගෙන ඇති අතර දින කිහිපයක් යනතුරු අසනීප තත්ත්වය පහව නොයාම හේතුවෙන් යකල්ල පාර, සිවලාකුලම, ගලෙන්බිඳුණුවැව පදිංචිව සිටියදී රෝගී වූ වයස අවුරුදු 40 හැවිරිදි මංජුලා කාන්ති නැවතත් එම වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් වෛද්‍යවරයා මුණගැසී තම රෝගී

තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව රුධිර සාම්පලයක් පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවසූ වෛද්‍ය මධ්‍යස්ථානයට රුධිරය ලබාදීමෙන් පසු රුධිර වාර්තාවක් නිරීක්ෂණය කළ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරිය රෝගියාව කඩිනමින් යකල්ල හුරුළුවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් වීමට ලබා දුන් උපදේශය පරිදි රෝගී කාන්තාව එදින සවස් කාලයේ රෝහලට ඇතුළත් වූ බව ඥාතීහු පවසති. වැඩිදුරටත් ඥාතීන් පවසන්නේ උණ රෝගය පමණක් තිබූ රෝගී කාන්තාව තනිවම කිලෝ මීටර් දහයක් පමණ දුරින් පවතින ගලෙන්බිඳුණුවැව යකල්ල හුරුළුවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව වෛද්‍ය පරීක්ෂණවලට ඉදිරිපත් වූ බවත් ඉන් අනතුරුව රෝහලෙන් ලබා දුන් එන්නතකට පසුව රෝගියාගේ රෝගී තත්ත්වය උස්සන්න වීම හේතුවෙන් හුරුළුවැව රෝහලෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ගිලන් රථයක් ආධාරයෙන් මාරු කර යැවීමෙන් පසු දින අළුයම් කාලයේ තම ඥාතිවරිය මියගිය බවට රෝහලෙන් දැනුම් දුන් බවය. ලබාදුන් එන්නත විසවීමක් හෝ වැරදි එන්නතක් හේතුවෙන් ඇති ඇතිවූ සංකූලතාවක් හේතුවෙන් මරණය සිදුවී ඇති බවට මියගිය තම ඥාතිවරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තමාට දැනුම් දුන් බව වැඩිදුරටත් ඥාතීහු පවසති.

මෙලෙස මියගිය මංජුලා කාන්තිට පාසල් වියේ පසුවන දරුවන් දෙදෙනකු හා ආබාධිත තත්ත්වය පෙළෙන වයස අවුරුදු 4 ක දරුවකු සිටින අතර එම දරුවා කුඩා කල සිට පැවත එන අසනීප තත්ත්වයට අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායන කීපයකට ඉදිරිපත් වෙමින් ප්‍රතිකාර ලබමින් සිටින බවත් මේ වන විට හැම දරුවාගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීමට දැඩි අපහසුතාවට පත්ව ඇති බවද මියගිය කාන්ති මහත්මියගේ ඥාතීන් පවසන අතර මියගිය කාන්තාවගේ ඥාති සොහොයුරකු සිදුවීම සම්බන්ධව අදාළ වෛද්‍ය නිලධාරිනියගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් සිද්ධිය සම්බන්ධ විමසා ඇති බවත් ඒ අවස්ථාවේ වෛද්‍යවරිය අදාළ ඥාති සහෝදරයාට විරුද්ධව සිවලාකුලම පොලිස් ස්ථානයේ පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබූ අතර සිදුවීම සම්බන්ධයෙන් සිවලාකුලම පොලිස් ස්ථානාධිපති මගින් දෙපාර්ශවය ගෙන්වා පැමිණිල්ල විභාග කර දෙපාර්ශවය සමථයකට පත්කරනු ලැබූ බවත් අප සිවලාකුලම පොලිස් ස්ථානාධිපතිගෙන් කළ වීමසීමකදී පැවසීය.

එසේ වෙතත් මියගිය කාන්තාවගේ ඥාතීන් ඉල්ලා සිටින්නේ, මෙම මරණය සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කොට වරද සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා එම වරද නැවත නැවත සිදු නොවන්නට වග බලා ගන්නා ලෙසටයි.

මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අංක 1243 / 25 යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සම්පත් සේනතුංග මහතා සිදුකර ඇති අතර මරණයට හේතුව Severe Anaphylais යනුවෙන් මරණ සහතිකය නිකුත් කර තිබේ.

divaina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *