BREAKING NEWS
Search

29 වැනිදා ඉඳන් ආයෙත් පටන් ගනීද? මේ පළාත්වල ඉන්න අය අනිවාර්යයෙන්ම අවධානයෙන් ඉන්න.

713
දවස් කිහිපයක් සාමාන්‍ය විදියට තිබුණු කාලගුණය යළිත් වෙනස් වෙන්න යනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.
මේ කියන විදියට එළඹෙන දෙසැම්බර් 29 වැනිදා ඉඳන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වය තදින්ම බලපාන්න පුළුවන්. විශේෂයෙන්ම පහත පළාත්වල ඉන්න අය මේ දවස්වල වැඩි අවධානයෙන් ඉන්න එක හොඳයි.

උතුරු පළාත
උතුරු-මැද පළාත
නැගෙනහිර පළාත
ඌව පළාත
මධ්‍යම පළාත

කාලගුණ දෙපාර්තමේන්තුව පවසන්නේ මේ පළාත්වල වැසි තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩි විය හැකි බවයි.

කාලගුණ විපර්යාසයන් ඕනෑම මොහොතක වෙනස් වෙන්න පුළුවන් නිසා, ඒ ගැන නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න කියලා බලධාරීන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන නිල නිවේදන සහ අනාවැකි ගැන සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *