BREAKING NEWS
Search

පවුල් ආරවුලක් නිසා පුද්ගලයෙක් ජිවිතයට කරගත් අපරාධය

1024

පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී සිය සිරුරට ගිනි තබා ගෙන තිබේ.

ගිනි තබා ගැනීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ පුද්ගලයා ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යවා ඇති බව තලවකැලේ පොලීසිය පැවසීය.

පවුලේ ඥාතින් විසින් තමා මානසික රෝගි තත්ත්වයෙන් පෙලෙන අයෙකු බව හගවමින් තම දරුවන්ව තමන්ගෙන් වෙන් කළ බවට ලිපියක් ලියා තබමින් මෙසේ ඔහු සිරුරට ගිනි තබා ගෙන ඇත.

තමන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් හැටන් පොලීසියටද පැමිණිල්ලක් සිදු කළ බවත්, එම පැමිණිල්ලටද සාධාරණයක් ඉටු වී නොමැති බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් ඇති බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *