ඉන්දියාවේ දී බස් රථයක් කන්ටේනර් රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු මරණයට පත්ව තිබේ.
කර්ණාටක ප්‍රාන්තයේ සිට බැංගලෝර් බලා ගමන්ගත් බස් රථයක් ඊයේ (25) මෙම අනතුරට මුහුණා පා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අනතුර සිදුවීමත් සමග බස් රථය ගිනී ගැනීමට ලක්ව ඇත.
මියගිය අය අතර බස් රථයේ මගීන් මෙන්ම ට්‍රක් රථයේ රියදුරු ද සිටින බව සඳහන්.
අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථයේ 33 දෙනෙකු සිට ඇත.
2021 වර්ෂයේ සිට මේ දක්වා ඉන්දියාව පුරා බස්රථ ගිනි ගැනීම් සිදුවීම් 45ක ප්‍රමාණයක් සිදුව ඇති අතර, ඉන් කර්ණාටක ප්‍රාන්තයෙන් පමණක් බස් රථ ගිනිගැනීම් අනතුරු 3ක් සිදුව තිබේ.
ඒ අනුව මෙම කාලය තුළ පුද්ගලයින් 64ක් මියගොස් 145ක් තුවාල ලබා සිටී.



















