BREAKING NEWS
Search

බස් රථයක් පෙරළෙයි – මගීන් 14ක් රෝහලට

318

අද (25) උදෑසන 7.15ට පමණ සේරුනුවර, මහින්දපුර හංදියේ දී පෞද්ගලික බස් රථයක් මහ මඟ පෙරළී අනතුරක් සිදුව තිබේ.

අක්කරෙයිපත්තුව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන්ගත් සුඛෝපභෝගී බස් රථයක් මෙලෙස පෙරළී ගොස් ඇති අතර, එම අවස්ථාවේ මගීන් 21ක් පමණ බස් රථයේ ගමන් කරමින් සිට ඇත.

අනතුරින් බස් රථයේ සිටි 14 දෙනෙකු තුවාල ලබා සේරුනුවර රෝහලට සහ මූතූර් රෝහලට ඇතුළත් කර තිබේ.

සේරුනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *