BREAKING NEWS
Search

අම්බලන්ගොඩ පොලීසියේ දී පත්තු වුණ වෙඩිල්ල

311

අම්බලන්ගොඩ පොලීසියේදී අද (24) පස්වරුවේ වැරදීමකින් ගිනි අවියක් ක්‍රියාත්මක වී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.

මෙලෙස තුවාල ලබා ඇත්තේ රාජකාරියට වාර්තා කිරීම සඳහා පැමිණි කොස්තාපල්වරයෙකි.

මෙම කොස්තාපල්වරයා රාජකාරියට වාර්තා කිරීමෙන් පසුව සිය ගිනිඅවිය පරීක්ෂා කරමින් සිටියදී හදිසියේම ගිනිඅවිය ක්‍රියාත්මක වී තිබේ.

එහිදී ඔහුගේම එක් කකුලකට වෙඩි වැදී ඇති බව සඳහන් වේ.

පසුව පොලීසියේ මෝටර් රථයකින්ම ඔහුව ප්‍රථිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇත.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *