BREAKING NEWS
Search

හිටි හැටියේ රන් මිලට මේ මොකද වුණේ..? රත්තරන් ගන්න ඉන්න අයට නරක ආරංචියක්!

291
රන් ආභරණ ගන්න ඉන්න අයට වගේම රන් ආයෝජනය කරපු අයටත් අදහගන්න බැරි පුවතක් ලෝක වෙළෙඳපොළෙන් වාර්තා වෙනවා.

ඉතිහාසයේ කවදාවත් නැති විදිහට රන් මිල අමෙරිකානු ඩොලර් 4,500 සීමාවත් පහු කරලා උඩටම ගිහින්.

දැනට ලෝකයේ තියෙන දරුණුතම භූ-දේශපාලනික අර්බුදයක් වෙනිසියුලාව ආශ්‍රිතව නිර්මාණය වෙලා. විශේෂයෙන්ම අමෙරිකාව විසින් වෙනිසියුලානු තෙල් නැව්වලට පනවපු දැඩි සම්බාධක නිසා මුළු ලෝකයේම ආර්ථිකය හෙල්ලෙන්න පටන් අරන්. මේ අස්ථාවරත්වය නිසා ලෝකයේ ලොකුම සල්ලි කාරයෝ තමන්ගේ සල්ලි ආරක්ෂා කරගන්න “රත්තරන්” පස්සේ දුවන්න පටන් අරන් තියෙනවා.

අනිත් පැත්තෙන් අමෙරිකානු ෆෙඩරල් බැංකුව ඉදිරියේදී පොලී අනුපාත තවත් අඩු කරයි කියන බලාපොරොත්තුව නිසා ආයෝජකයෝ බැංකුවල සල්ලි දානවා වෙනුවට රත්තරන් ගොඩගහගන්න පෙළඹිලා. ඒකත් මේ මිල වැඩි වෙන්න ප්‍රධාන හේතුවක්.

රන් මිලට සාපේක්ෂව දැන් රිදී (Silver) සහ ප්ලැටිනම් (Platinum) මිල ගණන් ද වේගයෙන් ඉහළ යමින් පවතින බවයි වාර්තා වෙන්නේ. ලෝකයේ පවතින දේශපාලනික අස්ථාවරත්වයත් එක්ක ආරක්ෂිතම ආයෝජනය රත්තරන් කියලා හැමෝම හිතන නිසා මේ ඉල්ලුම තවත් වැඩි වෙන්න ඉඩ තියෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *