BREAKING NEWS
Search

කොළඹට ‍එන අයට, විශේෂ දැනුම්දීමක්..

119

එළැඹෙන නත්තල් උත්සවය වෙනුවෙන් පොලිසිය විශේෂ රථ වාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

විශේෂයෙන් කොළඹ නගරයේ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය, කුරුඳුවත්ත යන පොලිස් වසම් වල අධික රථ වාහන තද බදයක් ඇතිවිය හැකි බවට අපේක්ෂා කරන බවත් එසේ වුවද හෙට දිනයේ (24) මෙම පොලිස් වසම් වල සාමාන්‍ය පරිදි රථවාහන ගමනාගමනය සිදු කරන අතර අධික රථවාහන තදබදයක් ඇතිවන අවස්ථා වලදි පමණක් අවස්ථානුකූලව පහත පරිදි රථවාහන ගමනාගමනය සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ගාලු මැද පාර ඔස්සේ කොළඹින් පිට වීම – එන් එස් ඒ වටරවුම, ගාලු මැද පාර, බාලදක්ෂ මාවත හන්දියෙන් වමට (එම්ඕඩි හන්දිය) බාලදක්ෂ මාවත, අලියා නාන වටරවුම, මාකන් මාකර් මාවත, ගාලු මුවදොර වටරවුම ඔස්සේ කොල්ලුපිටිය දෙසට ගමන් කිරීම.

ගාලු මැද පාර,ගාලුමුවදොර වටරවුම සිට කොළඹට ඇතුළු වන රථවාහන බාලදක්ෂ මාවත හන්දිය දක්වා සහ ඉන් ඉදිරියට ගමන් කිරීම.

ගාලු මුවදොර වටරවුමේ සිට මාකන් මාකර් මාවත ඔස්සේ අලියානාන වටරවුම දෙසට හෝ අලියානාන වටරවුම දෙස සිට බාලදක්ෂ මාවත ඔස්සේ ගාලු මැද පාරට ගමන් කල නොහැක
බාලදක්ෂ මාවතේ අතුරු මාර්ග වලින් පැමිණෙන සියලු වාහන දකුණට හරවා අලියා නාන වටරවුම ඔස්සේ කොළඹින් පිටවිය හැකි අතර ගාලු මැද පාරට අතුරු මාර්ග වලින් ඇතුළු වන සියලුම වාහන දකුණට හරවා එන් එස් ඒ වටරවුම දෙසට ගමන් කිරීම.

මෙසේ කොළඹට පැමිණෙන රථවාහන පහත සඳහන් රථගාල්වල ගාල් කර තැබීමේ පහසුකම් සලසා ඇති බවයි වාර්තා වෙන්නේ.

පහත සඳහන් නිදහස් රථගාල් හා මාර්ග දෙපස මුදල් අයකර ගැනීමකින් තොරව රථවාහන අවහිරතා ඇති නොවන පරිදි ගාල්කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවත් සඳහන්.

කොටුව පොලිස් වසමේ බාලදක්ෂ මාවත -එම්ඕඩී රථගාල (බේරේ වැව දෙසට)

කොල්ලුපිටිය /බම්බලපිටිය/වැල්ලවත්ත මුහුදුබඩ මාර්ග

කොටුව හා මරදාන පොලිස් වසම්වල ඩී ආර් විජේවර්ධන මාවත

කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ පාසන්ට් පාර පිටවීමේ තීරුව පමණක්

ගාලු පාර වැල්ලවත්ත සැවෝයි අසල සිට ගාලු පාර බගතලේ පාර හන්දිය දක්වා රථ නැවතුම් ස්ථාන වල (Parking Bays)පමණක්

කුරුඳුවත්ත පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවත නෙළුම් පොකුණ වටරවුමේ සිට පුස්තකාල වටරවුම දෙසට ඇතුළු වීමේ තිරුව (වම්පස)

කුරුඳුවත්ත පොලිස් වසමේ එෆ් ආර් සේනානායක මාවත

කුරුඳුවත්ත පොලිස් වසමේ රීඩ් මාවත රීඩ් රාජකාරී හන්දියේ සිට රීඩ් මාවතරීඩ් තර්ස්ටන් හන්දිය දක්වා මාර්ගයේ දකුණු පස

කුරුඳු වත්ත පොලිස් වසමේ නිදහස් මාවත නිදහස් වටරවුමේ සිට නිදහස් චතුරස්‍රය දක්වා මාර්ගයේ දකුණු පස

කුරුඳුවත්ත පොලිස් වසමේ මෙට්ලන්ඩ් පෙදෙස

කුරුඳුවත්ත පොලිස් වසමේ පදනම් ආයතන පාර

පහත සඳහන් රථගාල් සහ මුදල් අයකිරීමේ පදනම මත රථගාල් කිරීම සඳහා අවස්ථාව සලසා දී ඇති බව සඳහන්.

පිටකොටුව පොලිස් වසමේ බැස්ටියන් මාවත පරණ මැනිං වෙළඳ සංකීර්ණ රථගාල
කොටුව පොලිස් වසමේ විමලධර්ම සූරිය ඔරලෝසු කණුව අසල රථගාල
කොටුව පොලිස් වසමේ රාසික් ෆරීඩ් මාවත හේමාස් රථගාල
ඩී ආර් විජේවර්ධන මාවත ලේක් හවුස් රථගාල
කොටුව පොලිස් වසමේ ලේඩ්න් බැස්ටියන් මාවත
කොටුව පොලිස් වසමේ බ්‍රිස්ටල් වීදිය
කොටුව පොලිස් වසමේ ඩියුක් වීදිය
කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ යුනියන් පෙදෙස ඩෝසන් විදිය හන්දිය ඇක්සර් ටවර් රථගාල
මරදාන පොලිස් වසමේ ගාමිණි වටරවුම



Leave a Reply

Your email address will not be published. Required fields are marked *